ගොවීන්ට පොහොර ලබා දීමේදී නව වෙනසක්
ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර ඉදිරියේදී පුද්ගලික වෙළෙඳසල් හරහා ද ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව, පොහොර සමාගම්වලට පුද්ගලික වෙළෙඳසල් වෙත පොහොර නිකුත් කිරීමට අවශ්‍ය අවසරය ඉදිරියේදී ලබා දීමට නියමිතය.
මේ වන විට රටේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 83,000ක තොගයක් පවතින අතර, මෙවර යල කන්නය සඳහා අවශ්‍ය මුළු පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 125,000ක් ලෙස ගණන් බලා ඇත.
අප්‍රේල් මාසයේ සහ මැයි මස 03 වනදා පැමිණි නැව් මගින් යූරියා තොග තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් යූරියා පොහොර මිටියක් රුපියල් 10,200ක මිලකට ගොවීන්ට ලබා ගත හැකිය.