දින 90ක රැඳවුම් නියෝග මත සිටින සලේව නිරීක්ෂණයට කොටුව මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Report

දින 90ක රැඳවුම් නියෝග මත පරීක්ෂණ පවත්වන හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් නිරීක්ෂණය කර ඇත.

ඒ වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ගොස් තිබුණු බව වාර්තා විය. එහිදී ඔහුගේ අවශ්‍යතා විමසා ඒ පිළිබඳ නියෝග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.

සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සජින් වාස් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

මේ අතර අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින ඇප මත මුදා හැර ඇත.

2012 - 2014 කාලසීමාව තුළ රුපියල් විසි අට ලක්ෂ පනස් තුන්දහස් නවසිය තිස්පහක මුදලක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නීති විරෝධීව ‍ඉන්ධන දීමනා වශයෙන් ගෙවීමේ චෝදනා මත මොහුව අත්අඩංගුවට ගත් අතර ඉන්පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබුණා. 

අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීමට අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කරලා තියෙන්නේ - රුවන්

අවම මිලක් යටතේ අඛණ්ඩව තෙල් සැපයීමට අගෝස්තු දක්වා තෙල් ඇනවුම්කරලා තියෙන්නේ - රුවන්

ට්‍රම්ප් යුද්ධය ජය ගනී? - සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන්ගෙන් ට්‍රම්ප්ට තෑග්ගක්

ට්‍රම්ප් යුද්ධය ජය ගනී? - සාක්ෂියක් වශයෙන් ඉරාන වැසියන්ගෙන් ට්‍රම්ප්ට තෑග්ගක්