ළමයින් ගැන ඇහෙන අසුබ ආරංචියක්
ළමා අපයෝජන සිදුවීම්වලට අදාළව මහාධිකරණවල ගොනුකර ඇති නඩු පිළිබඳව වාර්තාවක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් නිකුත් කර ඇත.
2026 වසරේ ජනවාරි වනවිට ළමා අපයෝජන සම්බන්ධයෙන් මහාධිකරණවල ගොනුකර ඇති නඩු සහ මේ මාසයේ කැඳවීමට නියමිත නඩු සම්බන්ධයෙන් තොරතුරු එම වාර්තාවේ දැක්වෙන බව එහි සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කර තිබේ.
තවද 2026 වන විට ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ මහාධිකරණවල ගොනුකර ඇති නඩු සංඛ්‍යාව 4,289කි.
ජාතික ළමාරක්ෂක අධිකාරිය නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වෙන්නේ එම නඩු අතරින් නඩු 1,683ක් මේ මාසයේ කැඳවීමට නියමිතව ඇති බවයි.
වැඩිම ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් වන නඩු සංඛ්‍යාව වන නඩු 442 ක් ගොනුකර ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේයි.
මේ අතරින් නඩු 101ක් මේ මාසය තුළ ගාල්ල මහාධිකරණයේදී කැඳවීමට නියමිතය .
ජාතික ළමාරක්ෂක අධිකාරිය තව දුරටත් සදහන් කරන්නේ කුරුණෑගල මහාධිකරණයේ නඩු 423 ක්, මහනුවර මහාධිකරණයේ නඩු 414 ක්, බදුල්ල 206 ක්, ගම්පහ 220 ක්, කළුතර 229 ක්, කෑගල්ල 206 ක්, මාතර 216 ක් වශයෙන් ළමා අපයෝජනවලට එරෙහිව නඩු ගොනුකර තිබෙන බවයි.