පන්සලකට කෝටි 18.5ක්.. අගමැතිනි ගත්තු ක්ෂණික තීරණයෙන් හැමෝම මවිත වෙයි

Report

ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරයේ සංරක්ෂණ කටයුතු සඳහා රුපියල් කෝටි 18.5ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදනවලින් පමණක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩුනුවර, වෙලැම්බොඩ ප්‍රදේශයේ පිහිටි ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඇය පෙන්වා දුන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල් අරමුණු මේ වන විට නිසි ලෙස ඉටු වෙමින් පවතින බවත්, එහි ප්‍රතිපාදන නිසි ලෙස කළමනාකරණය කළහොත් මෙවැනි විශාල සංරක්ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ හැකි බවත්ය.

"ඉන්ධන සහනාධාරය අතෑරියොත් ඩීසල් 42%කින් නගී.. ලයිට් බිලත් ඉවරයි" - ඒකාබද්ධ විපක්ෂය

"ඉන්ධන සහනාධාරය අතෑරියොත් ඩීසල් 42%කින් නගී.. ලයිට් බිලත් ඉවරයි" - ඒකාබද්ධ විපක්ෂය

රජය ජනතාවගෙන් රැස් කරන මුදල් නැවත ජනතාවගේ යහපත වෙනුවෙන් යොදවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, දිට්වා ආපදා බලපෑම් හේතුවෙන් සිදුවූ හානි සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති අතර නිවාස 15,000ක් ඉදිකිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බව පැවසුවාය.

එමෙන්ම ආර්ථික සංවර්ධනයට අමතරව සංස්කෘතිය, උරුමය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර ද සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළ ඇය, ගල්ලැන්ගොල්ල මූලමහා විහරය සංරක්ෂණය කිරීම තුළින් ප්‍රදේශයේ සංස්කෘතික වටිනාකම් මෙන්ම ප්‍රාදේශීය සංවර්ධනය ද ශක්තිමත් වන බව අවධාරණය කළාය.

ලෝකයේ තෙල් මිල බහිද්දී ලංකාවේ වැඩි වෙන්නේ ඇයි? බාල ගල් අඟුරු පාඩුව තෙල්වලින් පියවනවාද නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

ලෝකයේ තෙල් මිල බහිද්දී ලංකාවේ වැඩි වෙන්නේ ඇයි? බාල ගල් අඟුරු පාඩුව තෙල්වලින් පියවනවාද නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

මේ අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන හතක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් මිලියන 504ක් වෙන් කර ඇති බවයි. එයින් රුපියල් මිලියන 185ක වැඩිම මුදල ගල්ලැන්ගොල්ල පොත්ගුල් මූලමහා විහරය සඳහා වෙන් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු විහාරාධිපති ශාස්ත්‍රවේදී අඹන්පොල සරද නායක හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා අතුරු කමිටුවේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ICC ප්‍රධානී ජනපති හමුවෙයි