සියදිවි නසාගැනීමට අලුත්ම හේතුවක් හෙළිවෙයි - පරීක්ෂණ වලින් හෙළිවූ දේ..

Sri Lanka
By Sewvandhi Feb 23, 2023 02:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙන්නේ, විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වීම සඳහා මොලයේ ආසාදන තත්ත්වයන්ද හේතු වන බවයි.

ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් මීට සති කිහිපයකට පෙර නිකුත් කෙරුණු අතර, එය ප්‍රසිද්ධියට පත් කෙරුණේ ඊයේ දිනයට යෙදී තිබූ ‘ලෝක එන්සෙෆලයිටිස්’ දිනයේදීයි.

මොලය ආසාදන රෝග නිසා වසරකට ලොව පුරා ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවයි ලෝක මොලය ආසාදන රෝග පිළිබඳ සංගමයේ ආසියානු ශාන්තිකර කලාපයේ මාධ්‍ය ප්‍රකාශක ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්න කියා සිටියේ.

   

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha