ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් රිමාන්ඩ්

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාව ලබන මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද නිල නියෝගයකට අනුවය. අද 18 වැනිදා පෙරවරුවේ පොලිස් අපරාධ විමර්ශන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ, එකම කාලසීමාවක් තුළ රජයේ ප්‍රධාන ආයතන දෙකකින් නීතිවිරෝධී ලෙස මාසික වැටුප් ලබාගැනීමේ සිදුවීමකට අදාළව සිදුකරන විශේෂ විමර්ශනයකට අනුවය.

අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට ඉදිරිපත් කරන්න රැගෙන යයි

අත්අඩංගුවට ගත් සුගීෂ්වර අධිකරණයට ඉදිරිපත් කරන්න රැගෙන යයි

ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී කමිටුව විසින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ සිදුවූ බව කියන බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදුකළ දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ සුගීෂ්වර බණ්ඩාර මහතා 2022 වර්ෂයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස නිල වශයෙන් සේවය කරමින් සිටින අතරතුර, එම කාල වකවානුව තුළදීම එවකට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ ව්‍යාපෘතියක අධ්‍යක්ෂවරයෙකු වශයෙන් ද කටයුතු කරමින් රජයේ වැටුප් සහ දීමනා ද්විත්වයක් ලබාගෙන ඇති බවයි.

අභිමානවත් රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගැනේ

අභිමානවත් රාජ්‍ය සේවයට තවත් පිරිසක් බදවා ගැනේ