ආපදා ප්‍රදේශවල විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨවල සිසුන් සුරක්ෂිතයි

By Shehan Nov 28, 2025 03:52 PM GMT
Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා අද (28) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, “දිත්වා” සුළිකුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල පිහිටි විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකව රැඳී සිටින සියලුම සිසුන් සහ ගුරු සිසුන් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවයි.

එම සිසු සිසුවියන්ට ආහාරපාන ආදිය ලබා දීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුවන බවත් ඒ පිළිබඳ දෙමාපියන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ විදුලි බලය බිඳ වැටීම් මත සන්නිවේදන පහසුකම් තවදුරටත් අඩාල වී ඇති බවය.

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

උසස් පෙළ ඇතුළු සියලු විභාග දින නියමයක් නොමැතිව කල්යයි

මේ වන විට රට තුළ පවතින ස්වාභාවික ව්‍යසනය හමුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියට එල්ල වී ඇති බලපෑම පිළිබඳව නිරන්තර අධීක්ෂණයක සිටිමින් එය සාර්ථකව කළමනාකරණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මේ වන විට රට පුරා සිදු වී ඇති ව්‍යසන තත්ත්වය හමුවේ පෙර දැනුම් දුන් පරිදි අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්විය නොහැකි බවය.

පාසල් ආරම්භ කරන දිනය ද දෙසැම්බර් 16 ලෙස සංශෝධනය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.    

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

නැවත පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්