විදුලි සැර වැදී සිසුවෙක් මියයයි

ahangama current shock student death kotegoda
By Sewvandhi May 26, 2021 01:27 PM GMT
Report

වෙසක් සැරසිලි කිරීමට නිවසේ විදුලි බුබුළු වැලක් අදිමින් සිටි, 17 හැවිරිදි පාසල් සිසුවෙක් විදුලි සැර වැදී අද(26) පස්වරුවේ මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, අහංගම කොටේගොඩ පදිංචිව සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.

විදුලි සැර වැදී වැටි සිටි ඔහු, අහංගම ග්‍රාමිය රෝහල වෙත ගෙනගොස් ඇති අතර එසේ ගෙන යන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now