තවත් සෞඛ්‍ය සේවා කණ්ඩායමක් වෘත්තීය ක්‍රියාමාර්ගයක
covid19
strike
chemical
health units
lasantha chathuranga
By Sewvandhi
අද (03) උදෑසන 8 සිට සේවාවලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
එම වෘත්තීකයින්ට සම්බන්ධ ඉල්ලීම් පිළිබඳ රජයේ අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ සම ලේකම් ලෙසන්ත චතුරංග මහතා ප්‍රකාශ කළේය.
"අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය වෘත්තීය ක්‍රියාමාර්ගයට ගිය පිරිසට විතරක් විසඳුම් ලබා දෙන්න උත්සාහ කරනවා. ඒකට තමයි අපි අද මේ විරෝධය දක්වන්නේ. සඳුදා වෙනකොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව හෙද සේවාව, පරිපූරක වෛද්‍ය සේවාව සහ අතුරු වෛද්‍ය සේවා කියන 3ටම අදාළ වෙන විදිහට නිකුත් කෙරෙන්නේ නැත්නම් අපි මීට වැඩිය ප්‍රබල මට්ටමින් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙනවා." යනුවෙන් ද ඔහු පැවසීය.
you may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |