“කොවිඩ් එන්නත දෙන්නම් වර්ජනය අතහරින්න’’
රටපුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු කාර්ය මණ්ඩලවලට, ග්‍රාම නිලධාරීවරුන් සංවර්ධන නිලධාරීන්ට මීළඟ අදියරේදී කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පැවසී ය.
ඒ අනුව මේ වන විට ලැබී ඇති එන්නත් වලින් එම නිලධාරීන්ට ප්‍රථමයෙන් එන්නත් ලබා දෙන බවද ලේකම්වරයා කීවේය.
ඉදිරි දින වලදී ගාම නිලධාරීන් ඇතුළු පිරිසට මෙන්ම ලබා දෙන හෙයින් වර්ජනය අතහැර මහජන සේවාවන් කාර්යක්ෂම කිරීමට කැපවන්නැයිද ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ලේකම්වරයා පැවසීය.
ග්‍රාම නිලධාරීවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා නොදීමට විරෝධය දැක්වීම සඳහා රට පුරා සියලු ග්‍රාම නිලධාරිවරු අද (26) සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විශේෂයක් කොට කොවිඩ් මර්දන එන්නත් ලබා දී ඇතත් ජනතාව සමඟ සෘජුවම සේවය කරන පිරිසක් වන ග්‍රාම නිලධාරීන්ට තවමත් එන්නත් ලබාදී නැතැයි ද ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පැවසීය
ඉතා ඉක්මනින් ග්‍රාම නිලධාරීන්ට කොවිඩ් මර්දනය එන්නත් ලබා නොදුන්නොත් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ද කොඩිකාර මහතා කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |