ගුරු සංගම් වලින් හදිස්සියේම ප්‍රකාශයක්

By Sithumi Oct 15, 2021 03:31 PM GMT
Sithumi

Sithumi

Report

වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට (15) දින 96කි. අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය අනුකමිටුව නිර්දේශ කළ වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022 වසරේ ජනවාරි මාසයේදීත් තුනෙන් දෙකක් 2023 වසරේ ජනවාරියේ ලබාදීමටත් රජය එකඟතාව පළ කළ ද වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් ඊට ද එකඟ නොවීය. ලං

කා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අවධාරණය කරන්නේ ගුරුවරුන්ට එරෙහිව රජය තම දේශපාලන හිතවතුන් උසිගැන්වීමෙන් ප්‍රශ්නයට විසඳුම් සෙවිය නොහැකි බවය. "අපි දකිනවා දෙමව්පියෝ යොදවලා බලපෑම් කරවනවා, ගුරුවරුන්ට පාසල්වලට එන්න කියලා. මේ සාමාන්‍ය දෙමව්පියෝ නෙමෙයි. මේගොල්ලොන්ගේ දේශපාලනය කරන ආණ්ඩුවේ ක්‍රියාකාරීන්. මේ ඉන්නේ දකුණු ආසියාවේ අඩුම වැටුපක් ගන්න ගුරුවරු.

ඒ නිසා කරන්න තියෙන්නේ දෙමව්පියෝ අවුස්සන එක නෙමෙයි. ප්‍රශ්නයට විසඳුම් දෙන්න." මේ අතර ගුරු ගැටලුව විසඳීමට මැදිහත් වන්නැයි ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මව්පියන් පිරිසක් අද උදෑසන අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා හමුවී සංදේශයක් භාරදී තිබුණි. එහිදී දෙමව්පියන් සඳහන් කළේ, "දෙමව්පියන්ගෙත් සීමාවක් තියෙනවා. බැරිවෙලාවත් 21 වනදා ආවේ නැති වුණොත් ගම්වල ඉන්න ගුරුවරුන්ට ඉන්න හම්බවෙන්නේ නැති වෙයි

." එලඹෙන 21 වැනිදා පාසල් නොඑන ගුරුවරුන් සම්බන්ධයෙන් මව්පියන් තීන්දුවක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා එහිදී පැවසීය. "ගුරුවරු එන්න බලන් ඉන්නේ. දැන් නවත්වන්න හදනවා. ආවේ නැත්තම් මොකක්ද කරන්නේ කියලා අපි බලමු." 21 වැනිදා විවෘත කිරීමට නියමිත දැරණියගල කලාපයේ ඇති පාසල් 52ක විදුහල්පතිවරු සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් අද දෙහිඕවිට ප්‍රාදේශීය සභා කාර්යාලයේ පැවති රැස්වීමකට පාසල් 48ක් නියෝජනය කරමින් ගුරු විදුහල්පතිවරුන් එක්වී තිබුණි. මේ අතර අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් අද පැවැති රැස්වීමකදී සඳහන් කළේ,

"කියමනක් තියෙනවා දෙවියෙක් වෙන්න බැරිනම් ගුරුවරයෙක් වෙන්න කියලා. ඒ නිසා අපේ පාසල් ඉතාමත් ඉක්මණින් විවෘත වෙන්න ඕනේ." මේ අතර ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව වර්ජනයේ නිරත ගුරු - විදුහල්පතිවරු කොළඹ පිහිටි ගුරු මැදුරට රැස්වී සාකච්ඡාවක් පවත්වා තිබුණි.