"මේ මිනිහව පන්නන්නම ඕන" චන්ද්‍රිකා හදිසියේම රහසක් හෙළිකරයි (VIDEO)

politics Mahinda Rajapaksha Gotabaya Rajapaksha Chandrika kumarathunga
මාස 3 කට පෙර
Sewvandhi

Sewvandhi

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු නොවන්නැයි තමන් කළ ඉල්ලීම නොසලකා කටයුතු කළ හෙයින් එසේ කළයුතු බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය. හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය,

"බොහොම කනගාටුයි. මම දන්නේ නෑ අඬන්නද? හිනා වෙන්නද? කියලා. මම රටේ ආර්ථිකය විශාල වශයෙන් හැදුවා...යුද්ධය භයානක ලෙස පැවති අවස්ථාවක. "එක්කෙනෙක් දන්නේ නැහැ.. අනිත් කෙනා කියන දේ. උදේ කියන එක හවස වෙනස් වෙනවා. මහා අවුලක්."

මාධ්‍යවේදියා - "ඔබතුමිය හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය?" 

 හිටපු ජනාධිපතිනිය - "මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි පක්ෂය විනාශ කරලා ඉවරයි."

මාධ්‍යවේදියා - "මෛත්‍රීපාල මහත්තයා දැන් ආණ්ඩුවෙන් යනවයි කියන එක කියනවා නේද?"

හිටපු ජනාධිපතිනිය - "මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා.. පොහොට්ටුවත් එක්ක එකතු වෙන්න එපා කියලා. අපි විනාශ වෙනවා කියලා. එහෙම කිව්වා කියලා මාව දේශපාලන මණ්ඩලයෙන් අයින් කරලා.. මගේ සංවිධායක ධුරයත් අයින් කළා. අපි අවුරුදු ගාණක් තිස්සේ කියපුවා දැන් එයා කියනවා. ඉතින්, මේ මිනිහා පන්නන්න එපැයි." 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now