හිඟ බදු අයකර ගැනීම පිළිබඳව මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්...

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Ministry of Finance Sri Lanka
By Parami Dissanayake Jun 21, 2024 02:01 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රාජ්‍ය ආයතනවලින් අයකර ගත යුතු හිඟ බදු ප්‍රමාණයක් තවදුරටත් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා සිටිනවා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, එම හිඟ බදු අයකර ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ඉදිරියේ දී ගන්නා බවය.

ගල්අඟුරු ප්‍රවාහන නෞකාවකට හුතී මිසයිල ප්‍රහාරයක්...

ගල්අඟුරු ප්‍රවාහන නෞකාවකට හුතී මිසයිල ප්‍රහාරයක්...

"ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම තිබිලත් දැන් යම් තැනකට ඇවිල්ලා රට කරගෙන යනවා. විපක්ෂය දැන් කියන්න උත්සාහ කරනවා මේ අයකර ගන්න තියෙන දේවල් අයකර ගන්නේ නැතුව අලුත් දේවල් කරන්න හදනවා අපි හිටියා නම් ඔහොම නෑ කියන්නනේ ඔය උත්සාහය. ඕක සරල තර්කයක්. රජය හැටියට පැහැදිලිවම කියන්න ඕනේ ඔව් හිඟ බදු ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක අපේ රටේ බදු නීතියේ තියෙන අභියාචන අයිතිය. ඒක ලෝකයේම තියෙනවා. රජය විසින් බද්දක් ගෙවන්න කිව්වහම නීතිය ඉදිරියේ ගිහින් අභියාචනා කරන්න රජය කිව්වට අපිට මේක ගෙවන්න බෑ කියලා අධිකරණයෙන් අධිකරණයට යන්න සමස්ත ජනතාවට අයිතියක් තියෙනවා. ඒ තුළ තියෙන ඒවා තමා මෙතැන වැඩිපුර තියෙන්නේ. දෙවැනි එක රජයේ ආයතන ගෙවන්න තියෙන බදු. මම කියන්න ඕනේ හිඟ බදු අයකර ගැනීමට රජයට තියෙන සියලු බලතල මේ යුගයේ තරම් ක්‍රියාත්මක කරපු යුගයක් තවත් නෑ."