ගල්අඟුරු ප්‍රවාහන නෞකාවකට හුතී මිසයිල ප්‍රහාරයක්...

Missile Israel Yemen Death World
By Parami Dissanayake Jun 21, 2024 01:15 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

රතු මුහුදේ දී ගල් අඟුරු ප්‍රවාහන ග්‍රීක නෞකාවකට හූති මිසයිල ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර එම ප්‍රහාරය එල්ල වී තිබුණේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේ දී ය.

කෙසේවෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන් ගිලී ගොස් ඇති බවයි.

නමුත්, ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දි එහි කාර්යමණ්ඩල සේවකයින් විසි දෙදෙනෙකු පමණ සිට තිබූ අතර ඔවුන් සියලුදෙනා පිලිපීන ජාතිකයින් බවත් ඉන් අයෙකු ප්‍රහාරයෙන් මියගොස් ඇති අතර සෙසු පිරිස ගුවන් මඟින් මුදාගැනීමට අමෙරිකානු නාවික හමුදාව පියවර ගෙන තිබු බවත් වාර්තා වේ.

ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

ඉන්දියාවම හෙල්ලෙයි?. ෂාරුක් මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?. එයා ගැන ඇස් උඩ යන ආරංචියක් මෙන්න..

හූති ප්‍රහාරයකින් ගිලී ගිය දෙවන නෞකාව මෙය වන අතර, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී යේමනයේ හූති සංවිධානය රතුමුහුදේ වාණිජ නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ පලස්තීනයට සහාය දැක්වීමක් වශයෙන්ය.

කෙසේ වෙතත්, ඉරානයේ සහාය ලබන හූති සංවිධානය පවසා සිටින්නේ, ඔවුන් ඊශ්‍රායල බලා යන නෞකා ඉලක්ක කරන බවය.