“...මෙන්න මෙහෙම ඇඟිල්ල දික් කරලා කිව්වේ.. මෙයා කියන්නේ බොරු..!! නෑ ඇත්ත” - සියල්ලන් බලා සිටියදී, කෙහෙවලු පටලා ගන්නා ගුරුවරු - මෙන්න වීඩියෝව(VIDEO)

education teachers prime minister principle starlin
By Sewvandhi Oct 14, 2021 01:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරුවරුන් සියලුදෙනා යළි දරුවන්ට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කළ යුතු බව කෝට්ටේ ශ්‍රී කළ්‍යානි, සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය නිමිත්තෙන් මතුගම - ලුල්බද්දූවේ පිහිටි කන්නන්ගර පිලිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවකට අද එක්වෙමින්.

මේ අතර, අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යාමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද තීරණය කළා. අද පෙරවරුවේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති 31 ක් කොළඹට රැස්වී සාකච්ඡා කර එම තීරණයට එළඹුණා.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ලබන 21 වන දාට පෙර වැටුප් විෂමතාවට විසදුමක් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව දියත් කරන බවයි එම සාකච්ඡාවෙන් පසු පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ.

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුපට එකතු කළ යුතු මුදල තුනකට බෙදා ඉන් එක් කොටසක් 2022 ජනවාරියේදී ලබාදීමටත්, ඉතිරි කොටස් දෙක 2023 ජනවාරියේදී එකවර ලබාදීමටත් රජයේ පාර්ශවයේ අවසන් විසඳුම ලෙස ඊයේ අග්‍රාමාත්‍යවරයා යෝජනා කර තිබුණා. එහෙත් ගුරු සංගම් පවසන්නේ එකවර අදාළ වැටුප් වැඩිවීම ලබාදිය යුතු බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha