ගැටළු හා ප‍්‍රශ්න වලට පිළියම් නොදී දුම්රිය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කළ නොහැකියි...

srilanka transprost s p withanage
By Nimal Jun 29, 2021 10:12 AM GMT
Nimal

Nimal

Report

 දුම්රිය සංවෘත සේවාවක් කිරිම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය වරයා ඉදිරපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කඩිනමින් සාකච්ජාවක් ලබාදෙන ලෙස දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස්.පී.විතානගේ මහතා පවසයි.ගැටළු හා ප‍්‍රශ්න වලට පිළියම් නොදී දුම්රිය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත් කළ නොහැකියි... | Srilanka Transprost

මන්ද වංචා අක‍්‍රමිකතා සහ නාස්තිය ඉතා ඉහල මට්ටමකට පත්වී ඇති දුම්රිය දෙපාර්තුමේන්තුවේ සම්මුඛ පරීක්‍ෂණයක් පවත්වා සුදුසු නිළධාරියෙකු තෝරාගෙන මාස ගණනාවක් ගතවී ඇතත් ඊට අදාල අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් නොකිරීම නිසා ස්ථීර දුම්රිය සාමාන්‍යාධිකාරී වරයෙකු පත්කර ගැනීමට ප‍්‍රවාහන අමාත්‍ය වරයා කටයුතු කර නැත.

You may like this video


මෙම කාරණ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර ”සෞභාග්‍යයේ දැක්ම ” ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ඇති කළ නොහැකි බව අපගේ විශ්වාසයයි. දුම්රිය සේවය පරිහානියට පත්වීමට හේතුවී ඇති විවිධ ගැටළු හා ප‍්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකර දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම හා දුම්රිය සේවකයින් සඳහා අනන්‍ය විශේෂිත වැටුප් ව්‍යුහයක් ඇති කිරීම මැයෙන් ප‍්‍රවාහන අමාත්‍ය වරයාඅමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයා සමග දේශපාලන හිතවත්කම් පවත්වාගෙන යන වෘත්තීය සමිති දෙක තුනක් හැර අනිකුත් කිසිදු වෘත්තීය සමිතියක් වැටුප් වැඩිකර ගැනීමේ අරමුණින් දෙපාර්තමේන්තුවේ ව්‍යූහාත්මක වෙනසක් කිරීමකට කිසිදු එකඟතාවයක් පලකර නොමැති බව පෙන්වා දෙන අතර මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රේණී දෙකක අවශ්‍යතාව මත අතිශයින් පෞද්ගලික වූ ඉහල වැටුප් දිනාගැනීමේ අවශ්‍යතාව මත පමණක් බවද පෙන්වා දෙමු.

දුම්රිය සේවය දෙපාර්තමේන්තු ව්‍යූහයෙන් ගලවා දැමීම සඳහා ප‍්‍රවාහන අමාත්‍ය වරයා විසින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශය ඉවහල් වන බව පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් සහ දුම්රිය සේවය පරිහානියට පත්වීමට බලපා ඇති විවිධ කාරනා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරවීම සහ කාර්යක්‍ෂම දුම්රිය සේවාවක් ඇති කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට දැන් වසර 157 කට ආසන්නය. එය ජනතාවට වඩා සමීප ලාභදායි ප‍්‍රවාහන සේවාවකි. දුම්රිය සේවයට මෙහෙවර ප‍්‍රකාශයක් ඇත. ” මගී හා භාණ්ඩ ප‍්‍රවාහනය සඳහා ආරක්‍ෂිත විශ්වාසදායි නියමිත වේලාවට ධාවනය වන සැකසුරවම් හා කාර්යක්‍ෂම දුම්රිය ප‍්‍රවාහන සේවාවක් සපයමු”යන්න එම මෙහෙවර ප‍්‍රකාශනයයි. වසර ගණනාවක් තිස්සේ පවතින අවිධිමත් අකාර්යක්‍ෂම කළමනාකරණය නිසා මෙම මෙහෙවර ප‍්‍රකාශනය ක‍්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇත.

පරිපාලනය දුම්රිය ධාවනය හා මූල්‍ය කළමනාකරණය සලකා බැලූ විට දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පරිහානියට පත්ව ඇත. නිෂ්පාදනක්‍රියාවලියේදී ප‍්‍රවාහන මාධ්‍යක් ලෙස දුම්රිය සේවය යොදාගැනීම සහ දියුණු දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා ක්‍රියා නොකිරීම නිසා මෙතෙක් පැවති ආණ්ඩු දුම්රිය සේවය දවැන්ත කඩාවැටීමකට ලක්කර ඇත. මෙවැනි ගැටලු රාශියක් ඇති බැවින් ජනාධිපතිතුමා අප සංගමයට කඩිනමින් සාකච්ජාවක් ලබාදෙන්නේ නම් ඉතා අගය කොට සලකන බවද එස් පී විතානගේ මහතා පවසයි. 

ReeCha