හෙට දිනයේ දුම්රිය ගමන්වාර 70 ක් ....

srilanka kasun chamara tranprost
By Nimal Jun 27, 2021 12:04 PM GMT
Nimal

Nimal

Report

කාර්යාල බලා ගමන් ගන්නා මගීන් ගේ ගමන් පහසුව සදහා හෙට(28) දිනයේ දුම්රිය ගමන් වාර 72 ක් දුම්රිය දෙපාර්තුමේන්තුව ධාවනයට එක් කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමගේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.හෙට දිනයේ දුම්රිය ගමන්වාර 70 ක් .... | Srilanka Transprost

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස,මිරීගම,වේයන්ගොඩ හා ගම්පහ යන දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා ගමන් වාර 11 ක් ද, මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම ,දකුණු කලුතර,වාද්දූව ,පානදුර ,මොරටුව හා ගල්කිස්ස යන දුම්රිය ස්ථාවනවල සිට ගමන් වාර 12ක් ද, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල හා පාදුක්ක යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 5 ක් ද ,පුත්තලම් මාර්ගයේ කොච්චිකඩේ හා මීගමුව යන දුම්රිය ස්ථානවල සිට ගමන් වාර 8 ක් වශයෙන් ද උදෑසන කොළඹ කොටුව හා මරදාන වෙත ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

උදය කාලයේ කාර්යාල බලා ගමන් ගත් මගීන්හට ආපසු නිවෙස් කරා ගමන් කිරීමටත් එම දුම්රිය ප්‍රමාණය සවස කොළඹ කොටුව හා මරදාන යන දුම්රිය ස්ථාවනවල සිට එම ප්‍රදේශය වලට නැවත ධාවනය කිරීමට නියමිතය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ගමන් ගන්නා මගී ජනතාවගේ පහසුව පිණිස ජුනි 28 වන දින සිට පලාත් අතර ( මහනුවර සිට කොළඹ කොටුව දක්වා ,බෙලිඅත්ත සිට මරදාන දක්වා , මහව සිට කොළඹ කොටුව දක්වා ) දුම්රිය ධාවනයට කටයුතු සැලසුම් කර තිබුන ද ජාතික කොවිඩ් 19 වැලැක්වීමේ කමිටුවේ අනුමැතිය ඒ සඳහා නොලැබී ඇති බැවින් තව දුරටත් පළාත් අතර දුම්රිය ධාවනය සිදු නොවන බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය..

හෙට දිනයේ දුම්රිය ගමන්වාර 70 ක් .... | Srilanka Transprost 

හෙට දිනයේ දුම්රිය ගමන්වාර 70 ක් .... | Srilanka Transprost 


ReeCha