දුම්රිය ධාවනය කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිතවයි....?

srilanka transprost casun chamara
By Nimal Jun 19, 2021 03:24 PM GMT
Nimal

Nimal

Report

 21 රට විවෘත කරන බව සැලවූ වහාම කඩිමුඩියේ "අපි ready" කියන්නට වාගේ දුම්රිය කාලසටහනක් ප්‍රසිද්ධියට පත්කර ඇත. ඒ අනුව සඳුදා සිට දුම්රිය ධාවනයට නියමිතව ඇති බව පැවසුවත් එසේ ධාවනයට නියමිත දුම්රිය මැදිරි, එන්ජින්, දුම්රිය ස්ථාන විෂබීජහරණය කර නොතිබිම හේතුවෙන් මීළගට ''දුම්රිය පොකුරක් ''බිහිවිය හැකි බැවින් දුම්රිය ස්ථානාධිපතිවරු සේවයට වාර්තා නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.දුම්රිය ධාවනය කළ යුත්තේ සෞඛ්‍යාරක්ෂිතවයි....? | Srilanka Transprost

කාලයක් දුම්රිය ධාවනය නොවු හෙයින් කැළණිවැලි මාර්ගය වැනි මාර්ග සම්පූර්ණයෙන් වල්බිහිවී වැසී ඇති තත්වයක පවතින අතර , අනෙක් මාර්ගද පූර්ණ කාලීනව දුම්රිය ධාවනය නොවූ බැවින්ද මාර්ගවල ආරක්ෂාව, සංඥා පිළිබඳ නිශ්චිත තහවුරුව කවුරුන් විසින් සිදුකර තිබේද? ඉන්දියානු ඩෙල්ටා ප්‍රභේදය මේ වනවිට දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්ථාවී ඇති අතර බහුතර දුම්රිය සේවකයින්ගේ නිල නිවාස, දුම්රිය අංගන, ධාවනාගාර ද පිහිටා ඇත්තේ එම ප්‍රදේශයේ සහ ඒ හා අවටය. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන් සෘජුවම සම්බන්ධ වන මගී ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් බාරගනු ලබයිද?

මෙම කරුණු සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී(ආවරණ) තුමා තීරණ ලබාගෙන ඇත්තේ සොයා බැලීමෙන් අනතුරුවද? එහි සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ වගකීම කවුරුන් විසින් දරනු ලබයිද?අනෙකුත් දුම්රිය බලධාරීන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වගකීම දරණු ලබයිද?යන ප්‍රශ්න වලට සෘජුවම පොදු මහජනතාව වෙත පිළිතුරු සැපයිය යුතුය. එසේ නොමැතිනම් " දුම්රිය පොකුරක් " බිහි කිරීමේ හවුල්කරුවන් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් වශයෙන් අප සූදානම් නැතැයිද කසුන් චාමර මහතා පවසයි.

මේ ගැටලු සියල්ල පදනම් කර ගනිමින් වසා දාමා ඇති දුම්රිය ස්ථනවල දුම්රිය ස්ථානාධිපතිවරුන් නැවත සේවය වාර්තා කිරීම වැලැක්වීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තිරණය කර ඇත.නමුත් මගී ජනතාව සහ දුම්රිය සේවකයින් වෙනුවෙන් අප නොපැකිලිව පෙනී සිටින බව බලධාරීන්ට අවධාරණය කර සිටින බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

මාසයට ආසන්න කාලයක් මගී දුම්රිය ධාවනය කොවිඩ්19 වසංගත හමුවේ රජය විසින් සංචරණ සීමා පැනවීමත් සමඟ නවතා දමා තිබූ අතර නැවත දුම්රිය ධාවනය වන කටයුතු 2021 ජුනි මස 21 වන දින සිට 23 වන දින දක්වා පළාත් අතර ධාවනය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දුම්රිය දෙපාර්තුමෙන්තුව මුහුදුබඩ මාර්ගයේ උදෑසන ගමන්වාර 07 ක් ද,ප්‍රධන මාර්ගයේ 06 ක් ද ,පුත්තලම් මාර්ගයේ 06 ක් හා කැලණිවැලි මාර්ගයේ 04 ක් ලෙස ධාවනයට යොදා ඇත.මෙම උදෑසන ධාවනය වන ගමන් වාර සංඛ්‍යාව සවස නැවත ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයිද කසුන් චාමර මහතා තවදුරටත් පැවසුවේය.. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now