බීමතින් පිරිත් පිංකමකට පැමිණි ගුරුවරයෙකු සිසුවකුට කළ දේ
කොළඹ ප්‍රදේශයේ පාසලක පැවැති පිරිත් පින්කමකදී බීමතින් සිටි එහි ගුරුවරයකු උසස් පෙළ සිසුවකුට පහරදී ඇතැයි එම සිසුවාගේ මව කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
පිරිත් පින්කම් අතර මැද අලුයම 2.30 ට පමණ පැමිණි එම ගුරුවරයා සිසුවා නිදා සිටි බවට චෝදනා කරමින් ඔහුට පහරදී ඇතැයිද ඒ අවස්ථාවේ ඔහුගේ කන ඇතුළත තුවාල වී ලේ වහනය වීමක් සිදු වී ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වනවා.
නිදා සිටි සිසුන් කීප දෙනකුටම එම ගුරුවරයා පහරදී ඇති බවත් තම පුත්‍රයාගේ මුහුණ හා කම්මුල් ප්‍රදේශයට තදබල ලෙස පහර කීපයක් වැදී ඇති බවත් මවගේ පැමිණිල්ලේ සඳහන් කර තිබෙන අතර පාසලේ වාර්ෂික පිරිත් පින්කම දින එම ගුරුවරයා තවත් ගුරුවරුන් පිරිසක් සමග මත්පැන් පානය කළ බව සිසුන් දැක ඇති බවයි මේ පිළිබඳව කළ විමසුමකදී පහරකෑ සිසුවාගේ මව පැවසුවේ.
තම දරුවා විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර ප්‍රතිකාර ලබාගත් බවද පැමිණිල්ල පිළිබඳව විදුහල්පතිවරයා කිසිදු පියවරක් නොගත් අතර සිද්ධියෙන් දින කීපයකට පසුව විදුහල්පතිවරයා විශ්‍රාම ගිය බවද දරුවාගේ මව පවසා තිබේ
