ශ්‍රී ලංකාව කොවිඩ් වලින් නිදහස් රටක් බවට ....

srilanka politics presanna ranatunga
By Nimal Jul 11, 2021 06:28 AM GMT
Report

 සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත්කරණය ඇරඹීමත් සමගින් කොවිඩ් වලින් බිදවැටී ඇති සංචාරක කර්මාන්තයට නව ආරම්භයක් ලබාදීම හැකිවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු අතර ඉදිරි සති කීපය තුල දිවයිනේ සියලුම සංචාරක කළාප හා සංචාරකයන් පැමිණෙන දිස්ත්‍රික්ක වල එම ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත් ලබාදීමට අපේක්ෂිත ය. ඒ අනුව පසුගිය සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන 04 ක දී සංචාරක හෝටල් සේවක සේවිකාවන්500 දෙනෙක්, සංචාරක මාර්ගෝපදේශකයින්, සංචාරක රියදුරන් හා සෆාරි රියදුරන් 150 ක් ඇතුළු දහසකට පමණ සයිනෝෆාම් එන්නත ලබාදීම ඊයේ (10) සිදු කෙරිණ.

මෙරට සංචාරක ව්‍යාපාරයේ ලක්ෂ 05 කට ආසන්න පිරිසක් නිරතව සිටින අතර ඔවුන්ගේ යැපෙනන් සංඛ්‍යාව ලක්ෂ 20 කට ආසන්නය. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 21 වෙනිදායි. 2020 දෙසැම්බර් මාසයේ සිට සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණි. සංචාරකයින්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා (ජුලි 08) සංචාරකයන් 17,642 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ඉන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ 188 දෙනෙකුට පමණි. මේ වන විට ඉන් 138 දෙනෙකුම සුව වී සිය මව්රට බලාගොස් තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු වූවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ අවස්ථාව නිරීක්ෂණය සදහා එක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීරවිල ඩබල් ට්‍රී හිල්ටන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවක දි අවධාරණය කළේ මේ වසර තුළ ශ්‍රී ලංකා කොවිඩ් වලින් නිදහස් රටක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවයි. එම වැඩපිළිවෙල යටතේ සංචාරකයන්ට ද සුරක්ෂිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කියා සිටියේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. ‘ලෝකය අද ක්‍රමයෙන් සංචාරකයින්ට විවෘත වෙන අවස්තාවේදී ඊට සූදානමක් හැටියට අපි ආරම්භ කරපු වැඩසටහන් අතරින් වැදගත්ම දේ වන්නේ මේ එන්නත් කරන වැඩපිළිවෙළයි. සංචාරකයින් ලංකාවට පැමිණීමෙන් මෙරට ජනතාවට කොවිඩ් පැතිරීමට අපි කිසිදු ඉඩකඩක් තබන්නේ නෑ. එවැනි ඉඩකඩක් අපි තැබුවෙත් නැත .

පසුගිය කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් කොවිඩ් බෝ වූ බවට විපක්ෂය චෝදනා කළත් එය සම්පූර්ණයෙන් ම පදනම් විරහිතයි. ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පැවති සාකච්ඡාවක දී එකඟත්වයපළ කළ පරිදි ඉදිරි සති කිහිපය තුළ සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන සියළු දෙනාටම සහ ඒ අයගේ පවුල්වල අයටත් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද අපි ආරම්භ කරලා තියෙනවා. ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළතදී ජනාධිපතිවරයාත් රජයත් බලාපොරොත්තු වනවා අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට එන්නත ලබාදීම සඳහා.ඒ වගේම වසර අවසාන වන වන විට මේ රටේ ජනගහණයෙන් සියයට හැටකටඑන්නත් ලබාදීමට කටයුතු කරනු ලබනවා.එවිට රටක් හැටියට අපට සුරක්ෂිතභාවයත් ජනතාව තුළ ඇති කිරීමට හැකියාව ලැබෙනවා.මේ රට වසංගතයෙන් ආරක්ෂා කරගන්න නියම විදිහට ඉදිරියට ගෙන යාම තමයි ජනාධිපතිවරයා ගේත් අග්‍රාමාත්‍යවරයාගේ සමස්ත රජයේ ම අරමුණ වන්නේ. අපේ බලාපොරොත්තුව වන්නේ මේ වසර අවසාන වෙලා ලබන වසර ආරම්භ වෙනකොට සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමයි ඒ සඳහා අපි උපරිම උත්සාහයක් දරනවා.

මෙහි දී අදහස් දැක් වු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ ලංකා ඉතිහාසයේ දැවැන්තම එන්නත්කරණ බවයි. දකුණු ආසියානු කළාපයේ කොවිඩ් වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාව බව ද ඔහු පෙන්වා දුන්නේය.

‘කොවිඩ් 19 වසංගතේ නිසා වැහුණ රට නැවත විවෘත කර ආර්ථික සාමාජීය ස්ථාවරත්වය සකස් කරන වැඩ පිළිවෙල අපි දැන් ආරම්භ කරලා තියෙනවා. එහිදී ප්‍රමුඛතම කාර්ය වන්නේ සහ ලෝකය ම විශ්වාස කරනු ලබන කාර්යය වන්නේ එන්නත් කරන වැඩපිළිවෙළයි. ඒ තුළ පමණයි රට සම්පුර්ණයෙන්ම විවෘත කිරීමට හැකි වන්නේ. මේ වන විට දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කර සාර්ථකම රට ශ්‍රී ලංකාව කියලා කියලා හඳුන්වන්න පුළුවන් .