ගම්මාන හතරක් විවෘත කෙරේ....

srilanka politics presanna ranatunga
By Nimal Jul 07, 2021 10:53 AM GMT
Report

කෝටි 500ක වියදමින් රජය ක්‍රියාත්මක කරන සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ මිනුවන්ගොඩ ඉදිකළ නව ගම්මාන හතරක් විවෘත කෙරේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවර්ධනය කෙරුණු යාගොඩමුල්ල - රසකැවිලි ගම්මානය, මැඩෑමුල්ල - ඇඟලුම් ගම්මානය, බෝධිපිටුවල - කළුගල් ගම්මානය, කොරස - කොහු ගමම්මානය යන ගම්මාන විවෘත කිරීම අද (07) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් සිදු විය.

රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ සෞභාග්‍යා ගම්මාන ව්‍යාපෘතිය යටතේ එක් ගම්මානයක් සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 100 ක මුදලක් වෙන් කෙරෙන අතර දිවයින පුරා එවැනි ගම්මාන 500 ක් ඉදිකෙරෙයි. එයින් හතළිහක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිතය.

දැනටමත් ඉන් ව්‍යාපෘති 29 ක් සදහා රුපියල් මිලියන 135.88 ක් වෙන් කර තිබේ. මෙම ගම්මාන වල හදුනාගත් නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය පුහුණුව ලබාදිම හා වෙළදපොළ සැකසීම ව්‍යාපෘතිය යටතේ සිදුවේ. මීට අමතරව සමෘද්ධි ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කෙරෙන තෝරාගත් කොට්ඨාශ 331 ක නිවාස 331ක් ඉදිව්‍යාපෘතිය යටතේ ඉදිකළ නව නිවසක් ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අද විවෘත කරනු ලැබීය.

මෙම නිවස කිරීම සදහා සමෘද්ධි අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් ලක්ෂ 06 කි. වෑලිය වැල්හේන ප්‍ර දේශයේ රුවින් සජිතා මහත්මියට අදාළ නිවස භාරදීම ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ අතින් සිදුවිය.