සිදුවූයේ කබලෙන් ලිපට වැටීමක්...
. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ 2015 මහ මැතිවරණයට ඉදිරිපත්වීම නිසා සිදුවූයේ කබලෙන් ලිපට වැටීමක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද සුළඟ වටා ඒකරාශි වූ ජනතාව පරාජයට පත්වූ බවත්, එම පරාජයට වගකිවයුත්තේ එක්ව තරග කළ යුතු යැයි යෝජනා කළ අය බවත් ,ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ අද(04) පැවති ගම්පහ දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම් වලදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තාක්ෂණය ඔස්සේ ආසන බල මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. රටේ පවතින වසංගත තත්වය නිසා සෞඛ්‍ය උපදෙස් ගරු කරන දේශපාලන පක්ෂයක් විදිහට අපිට රැස්වෙලා තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. එහෙම වුණා කියලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විදිහට අත්තනෝමතිකව තීරණ ගැනීම අපි අනුමත කරන්නේ නැහැ. ඒ නිසයි තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අපේ ආසන බලමන්ඩල කැඳවා තීරණ ගන්නේ. මේ වසංගත තත්ත්වය පිළිබඳව නිශ්චිතව අදහස් දක්වන්න අපට හැකියාවක් නැහැ.
ඒ නිසා තවදුරටත් වසංගත තත්ත්වය පවතිනවා නම් මෙයාකාරයෙන් රැස්වීම් පවත්වමින් ගමේ ගැටළු ගැටලු සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළක් අපි ඉදිරියේදී ඉදිරියේදී අනුගමනය කරනවා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය පරාජයට පත්වීමෙන් පසුව මහින්ද සුළඟ ජනතාව එක තැනකට එකරාශී කලා. ඒ වෙලාවේ දෙදහස් පහළොවේ පැවැත්වුණු මහ මැතිවරණයට වෙනමම තරග කරන්න ඕනෙ කියලා අපි යෝජනා කළා. ඒ උනාට බහුතරයේ කැමැත්ත මත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ඒ මැතිවරණයට තරග කරන්න තීරණය වුණා.
එහි ප්‍රතිඵලය විදියට අපි පරාජය වුණා. ඒ පරාජයට හේතු වුනෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ක්‍රියා කලාපය හා ප්‍රකාශනයි.
එදා වෙනම තරග කළා නම් යහපාලන රජය බිහිවෙන්නේ නැහැ. මැතිවරණයෙන් පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව ආණ්ඩුව පිහිටුවන්න කටයුතු කළා. ඒ වෙලාවේ අපි කිහිපදෙනෙක් ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. එදා සිද්ද වුණේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. අපිට ලැබෙන්න තිබුනොත් ජයග්‍රහනය නැතිවුණා.