අලුතින් පොලිස් ස්ථානයක් විවෘත කෙරේ ......?
විපක්ෂයට තිබෙන්නේ රාජපක්ෂ භීතිකාවක් යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (25) ගම්පහ බෙම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
සමහර පවුල්වල දක්ෂයින් කිහිප දෙනෙක් සිටිය හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ පවුල් ද එවැනි දක්ෂයන් ගෙන් පිරුණු පවුලක් බවයි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී රණතුංග පවුල්, දේශපාලනයේදී බණ්ඩාරනායක පවුල හා සේනානායක පවුල වැනි පවුල් එකම ක්ෂේත්‍රයේ දක්ෂතා දැක් වූ පවුල්වලට උදාහරණ ලෙස පෙන්වා දිය හැකි වුවත් රාජපක්ෂ පවුලට පමණක් මෙවැනි දෝෂාරෝපණ එල්ල කරන්නේ විපක්ෂයට ඇති රාජපක්ෂ භීතිකාව නිසා බවද අමාත්‍යවරයා කීය.
ඉකුත් මහින්ද රාජපක්ෂ රජය සමයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දැඩි කැපවීමක් කළ බැසිල් රාජපක්ෂ මහතා නැවත පාර්ලිමේන්තුවට පැමිනෙන්නේ නම් ඒ පිළිබඳව තමා පුද්ගලිකව සතුටු වන බව ද කී වේය.
පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් තීරණය පවතින්නේ බැසිල් රාජපක්ෂ මහතා අතේ බවද පැවසුවේය. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු තෙල් මිල අඩු කළ හැකි හැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ;ප්‍රශ්න වලට විකල්ප සෙවීමේ හැකියාව බැසිල් රාජපක්ෂ මහතාට පවතින බව කීවේය.
පොසොන් පොහොය දා සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සදහන් කළේ වෙසක් හා පොසොන් පොහෝ දිනවල සිරකරුවන් නිදහස් කිරීම ඉතිහාසය පුරා සිදු කෙරුණ බවයි.