තාක්ෂණික සේවා සමාගම මාස 04ට රුපියල් මිලියන 20.81ක ලාභයක් උපයයි.
. පරිසර අමාත්‍යාංශයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය යටතේ පවතින සියයට 100ක්ම රජයට අයත් සමාගමක් වන තාක්ෂණික සේවා සමාගම මේ වසරේ පළමු මාස 04 තුළ රුපියල් මිලියන 20.81ක ලාභයක් උපයා තිබේ.
2020 වසරේ දී මෙම සමාගම පාඩු ලැබු අතර මේ වසරේ දී එසේ ලාභ උපයන තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුයේ එම සමාගමේ සේවය කරන කාර්ය මණ්ඩලවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා ගත් පියවර නිසා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම සමාගම විසින් සපයන ලද සේවාවන් අනුව ලැබු සමස්ත ආදායම මෙම වසරේ පළමු මාස 04 තුළ රු. මි. 239.76කි. එමෙන්ම එම කාලය තුළ වැටුප් හා වෙනත් කටයුතු සඳහා කළ වියදම රුපියල් මිලියන 218.95කි. ඒ අනුව මෙම මුල් මාස 04 ලාභය රු. මි. 20.81ක් යැයි එම සමාගමේ ප්‍රධාන විධායක නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා පැවසීය.
තාක්ෂණික සේවා සමාගමේ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී මෙම කරුණු හෙළිදරව් විය. මෙම වසර තුළ ලාභය උපරිම කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ ලාභ උපරිම කිරීම සඳහා කටයුතු කළ හොත් කාර්ය මණ්ඩල සඳහා බෝනස් ලබා දීමට පියවර ගන්නා බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා වැලි සැපයීමේ දී එම කටයුතු මනාව කළමනාකරණය කිරීම කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ වනවිට සිදු කර ඇති තක්සේරුවකට අනුව 2021- 2015 දක්වා කාලය තුළ රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය වැලි ප්‍රමාණය ඝන මීටර් මිලියන 55කි. නමුත් දැනට හඳුනාගෙන ඇති පරිදි එම කාලය තුළ අපිට ලබා ගත හැක්කේ වැලි ඝන මීටර් මිලියන 41කි. එමනිසා අඩු මිලට වැලි සැපයීම සඳහා වැලි සැපයීම් මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා තාක්ෂණික සේවා සමාගමට උපදෙස් දුන්නේය.
මෙම මධ්‍යස්ථානවලින් දෙකක් අඹතලේ හා කෑගල්ල පළමුවෙන් ස්ථාපිත කෙරේ. ඉන් අනතුරුව අතුරුගිරිය, රත්මලාන හා මහනුවර ද තවත් මධ්‍යස්ථාන තුනක් පිහිටුවීමට සැළසුම් කර තිබේ. වැලි ජාවාරම්කරුවන් විසින් වැඩි මිලට ගුණාත්මක භාවයෙන් අඩු වැලි අලෙවි කරමින් පාරිභෝගිකයින් සූරා කෑම වැළැක්වීම සඳහා තාක්ෂණක සේවා සමාගම රජයේ ආයතනයක් වශයෙන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම සමාගම විසින් දැනට සිදු කරන වැලි කැණීම් හා අලෙවි කටයුතුවලට
අමතරව කැල්සියම් කාබනේට් නිෂ්පාදනයටත්, කාබනික පොහොර හා කාබනික වල්නාශක නිෂ්පාදනයටත් දායක කර ගැනීමට ද සැලසුම් කර තිබේ.