ගෑස් මිල සංශෝධනයට අමාත්‍ය කමිටුවේ අවධානය ...

srilanka politics mahinda amarawera
By Nimal Jun 16, 2021 09:01 AM GMT
Report

 ගෑස් මිල නැංවීමකින් තොරව අදාල සමාගම් විසින් දැනට ලබන පාඩුව අවම කිරීම සඳහා සුදුසු විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේත්, ගෑස් මිල සංශෝධනය සම්බන්ධව පත් කළ අමාත්‍ය කමිටුවේත් අවධානය යොමු කර ඇති බව පරිසර අමාත්‍යවරයා පවසයි.

ඉන්ධන මිල ගණන් ඉහළ නැංවූ පරිදි ගෑස් මිලත් ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ දැයි මාධ්‍යවේදීහු පිරිසක් අද දින (16) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය.ගෑස් මිල සංශෝධනයට  අමාත්‍ය කමිටුවේ අවධානය ... | Srilanka Political

එහිදී ඊට පිළීතුරු දුන් අමාත්‍යවරයා,ගෑස් මිල සංශෝධනය කිරිම සම්බන්ධව පත් කර ඇති කමිටුවට අමාත්‍යවරු පස් දෙනෙක් පත් කර තිබෙනවා.බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ලසන්ත අලගියවන්න හා මමත් ඊට ඇතුළත්. ලාෆ් ගෑස් සමාගම සහ ලිට්රෝ ගෑස් සමාගම් පිළිවෙළින් රුපියල් 700ක් හා රුපියල් 670ක් බැගින් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීම් කළා.

නමුත් පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරන්නේ ගෑස් මිල වැඩි කරන්නේ නම් එය රුපියල් 400ක් විය යුතු බවයි. නමුත් ජනාධිපතිතුමන් හා අදාල කමිටුව ගෑස් මිල ඉහළ නොදමා සමාගම්වලට ලාභයක් ලැබිය හැකි විකල්ප ක්‍රියාමාර්ග සඳහා යොමුවීමට අදාලව කරුණු ඉදිරිපත් කළා. අපි එම සමාගම්වලටත්, ඒ වගේම පාරිභෝගික ආරක්ෂණ අධිකාරියටත් දැනුම් දුන්නේ මිල ඉහළ නොදමා ඒ සඳහා ගත හැකි විකල්ප යෝජනා කරන ලෙසයි.

ඒ වගේම මෙම සමාගම් දැනට මාසිකව රුපියල් බිලියනයක් පමණ අලාභ පිට පවත්වාගෙන යන බව ඔවුන් ප්‍රකාශ කරනවා. ඒ වගේම පසුගිය දිනවල මහජනතාවගෙන් පැමිණිළි ඉදිරිපත් වුනා වෙළෙඳපොළේ ගෑස් සිළින්ඩරයක බර කි.ග්‍රෑ. 12.5ක් නොව ලීටර් 18ක් යනුවෙන් අලෙවි කරන බවට. එමනිසා අපි කමිටුව වශයෙන් උපදෙස් දුන්නා වහාම කිලෝ ග්‍රෑම් 12.5 බරකින් යුත් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොලට සපයන ලෙසට. ඒ අනුව ඉදිරි දෙන තුන තුළ ඔවුන් ඊට අදාලව පියවර ගන්නා බව දැන්වුවා.

එමෙන්ම එම සමාගම් ඉදිරි දින දෙක තුන තුළ කි.ග්‍රෑ. 12.5ක බරින් යුත් ගෑස් සිලින්ඩර් වෙළෙඳපොලට නිකුත් නොකළහොත් එම සමාගම්වලට නඩු පැවරීමට පියවර ගන්නා ලෙස අදාල කමිටුව විසින් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

You may like this video