බෝග වර්ග ජනතාවට නොමිලයේ ලබාදීමේ වැඩ පිළිවෙලක් ......
ගොවිබිම්වල වගා කර ඇති බෝග ගොවීන් වෙතින් මිල දී ගෙන මහජනතාවට නොමිලේ හෝ ලබා දෙන වැඩ පිළීවෙළක් අරඹන ලෙස ජනාධිපතිතුමන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දෙන ලදැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචරණ සීමා පැනවීම නිසා ගොවිබිම්වල වගා කර ඇති බොහෝ භෝග වර්ග නිසි වේලාවට අලෙවි කර ගැනීමට ගොවි ජනතාවට අපහසු වී තිබේ. ඊට හේතුව ඒවා මිල දී ගැනීමට ගැනුම්කරුවන් නොපැමිණීමයි.
ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වගා කර ඇති පැපොල්, කෙසෙල්, මඤ්ඤොක්කා,පලතුරු, එළවලු අස්වනු නෙලා ගත්තත් ඒවා බෙදා හැරීම සඳහා ගැණුම්කරුවන්ට පැමිණීමට ඇති අපහසුව සම්බන්ධයෙන් අවධානය යොමු කර රජය මැදිහත්ව ඒ සඳහාවැඩ පිළීවෙළක් ආරම්භ කළ යුතුව ඇතැයි තමන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුව ජනාධිපතිතුමා ඒ සම්බන්ධව වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස අදාල අංශවලට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ඇතැම් එළවලු වර්ග දින දෙකෙන් දෙකට හෝ තුනෙන් තුනට වශයෙන් අස්වනු නෙලාගත යුතුය. එසේ නොවුනහොත් ඒවා ගස්වලම පැසී යයි.
නමුත් මේ වනවිට බොහෝ ගොවීහු තමන් වගා කරන ලද අස්වනු අලෙවි කර ගත නොහැකි වීම හේතුවෙන් පීඩා විඳිමින් සිටිති. මීට පිළීයමක් වශයෙන් රජය මැදිහත්ව ඒවා මිල දී ගෙන නොමිලයේ මහජනතාවටබෙදා දීමටත්, එමෙන්ම මේ වනවිට කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා කැපවී කටයුතු කරන සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල,ආරක්ෂක අංශ ඇතුලු සියල් කාර්ය මණ්ඩලවලට නොමිලයේ බෙදා දීමට වැඩ පිළීවෙළක් සකසන්නැයි ජනාධීපතිතුමන් විසින් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස් දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊයේ (02) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන්කළේය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවින් විසින් වගා කර ඇති බණ්ඩක්කා, කරවිල, බෝංචි,වැනි එළවලු මෙන්ම කෙසෙල් හා පැපොල් ද මේ වනවිට අලෙවි කර ගැනීමේ
අසීරුතාවලට ගොවීහු මුහුණ පා සිටිති. එමනිසා මෙම වැඩ පිළීවෙළ යටතේ ගොවීන්ට ඒවා අලෙවි කර ගැනීමට ද අවස්ථාව සැළසෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.