සිදුවු පරිසර හානිය නැව් සමාගමෙන් අය කිරීමට පියවර ....(PHOTO)

SRILANKA politics mahinda amarawera
By Nimal May 27, 2021 09:22 AM GMT
Report

  කොලඹට ආසන්න මුහුදේ ගිනිගනිමින් තිබෙන නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති රසායනික අපද්‍රව්‍ය හා වෙනත් අපද්‍රව්‍ය නිසා සිදුව ඇති පරිසර හානිය සොයා බැලීමට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර , නාලක ගොඩහේවා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු අද දින පෙරවරුවේ සරුක්කුව ප්‍රදේශයට ගොස් තිබේ.සිදුවු පරිසර හානිය නැව් සමාගමෙන් අය කිරීමට පියවර ....(PHOTO) | Srilanka Political

එහිදී එම නැවේ සිට වෙරළට ගොඩ ගසා ඇති අපද්‍රව්‍ය වලින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බව පරිසර අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ සම්බන්ධව වහාම පාරිසරික හානි ඇස්තමේන්තුවක් සකස් කරනලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරිය ට උපදෙස් දී ඇත.සිදුවු පරිසර හානිය නැව් සමාගමෙන් අය කිරීමට පියවර ....(PHOTO) | Srilanka Political

එමෙන්ම සිදුව ඇති පරිසර හානිය සම්බන්ධයෙන් අදාල නැව් සමාගම හා රක්ෂණ සමාගම් සමග සාකච්චා කර අදාල අයකිරීම් කරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසුවේය.සිදුවු පරිසර හානිය නැව් සමාගමෙන් අය කිරීමට පියවර ....(PHOTO) | Srilanka Political

එමෙන්ම නැව විනාශවීමට ලක් වුවහොත් නැවේ ඉන්දන සාගර ජලයට මුසුවීම නිසා විශාල පාරිසරික හානියකට මුහුන දීමට සිදුවන බවත් ඇමැතිවරයා සඳහන් කළා.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්වුහ.