අගොස්තු 01 දා සිට මේවා නිපදවීම බෙදා හැරීම තහනම්.. .?

srilanka nature mahinda amarawera
By Nimal Jul 16, 2021 04:12 AM GMT
Report

 අපරිසර අමාත්‍යාංශය විසින් අගෝස්තු මස 01 දින සිට පොලිතීන් ලන්ච්ෂීට් මෙරට නිෂ්පාදනය හා බෙදාහැරීම සම්පූර්ණයෙන් ම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අගොස්තු මස 01 වැනිදායින් පසුව ආහාර එතීම සඳහා යොදා ගත හැක්කේ ජෛව හායනික ලන්ච්ෂීට් Biodegradable Lunch Sheet පමණක් වන හෙයින් මෙරට කර්මාන්තශාලා තුළ නිපදවීම,බෙදාහැරීම හා අලෙවිය සිදු කළ හැක්කේ එම ලන්ච්ෂීට් පමණක් බව පරිසර ඇමති මහින් අමරවීර මහතා පවසයි.අගොස්තු 01 දා සිට මේවා  නිපදවීම බෙදා හැරීම තහනම්.. .? | Srilanka Nature

එමනිසා දැනට ජෛව හායනික ලන්ච්ෂීට් නිපදවන සමාගම් 08ක් අප රට තුළ තිබෙන අතර එහි නියෝජිතයින් සමග පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කළේය. එහිදී අදාළ සමාගම් මුහුණ දෙන ගැටළු සම්බන්ධව සාකච්ඡා අවධානය යොමු විය. ජෛවහායනික ලන්ච්ෂීට් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේ දී තමන්ට මුහුණ පෑමට සිදුව ඇති අධික වියදම් සහිත බව සම්බන්ධව එම කර්මාන්තකරුවෝ කරුණු දැක්වුහ. පොලිතීන්වලින් නිපදවන ලන්ච්ෂීට්වලට වඩා තුන්ගුණයක වියදමක් මෙම ඉක්මණින් දිරාපත් වන ලන්ච්ෂීට් නිපදවීමට වැය වන ඔවුන් කියා සිටියේය. ඒ සඳහා බදු සහන ලබා දෙන ලෙස ද ඔවුන් ඉල්ලීමක් කළේය. කෙසේ වුවද ඔවුන්ගේ ගැටළු ඇතුළත් වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන්ට වහාම ලබා දෙන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

එමෙන්ම ජෛව හායනික ලන්ච්ෂීට් නිපදවීම සදහා බලපත් ලබා ගන්නා සමාගම් පොලිතීන් ලන්ච් ෂීට් නිපදවා ඇතැයි වාර්තාවුවහොත් එම සමාගම්වලට නිකුත් කරන බලපත්‍රය වහාම පළමු අවස්ථාවේදීම අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීය.

මෙහිදී තවත් තීරණ කිහිපයකට එළැඹියේය. I පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවි දඩය රුපියල් 100,000 දක්වා ඉහළ දැමීම. (දැනට තිබෙන දඩය රුපියල් 10,000යි) II පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදන සමාගම්වලට මාසයක සහන කාලයක් ලබා දීම ,III ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා ඉදිරිපත් වන නව සමාගම්වලට ඒ සඳහා ඉඩ ලබා දීම,IV පොලිතීන් ලන්ච්ෂීට් නිෂ්පාදනය මුළුමනින්ම අකර්මණය කිරීම,V ජෛව හායනික ලන්ච්ෂීට් නිෂ්පාදනයේ දී වෙනත් ව්‍යාජ කර්මාන්තකරුවන් එම කටයුතු සිදු කිරීම වැළැක්වීමට සඳහා අදාල නිෂ්පාදන සමාගම හඳුනාගැනීමට කිසියම් කේතයක් හඳුන්වා දීම හා ( CODE) ඒ ඒ සමාගම් මගින් නිකුත් කරන සෑම ලන්ච්ෂීට් එකකම එම කේතය මුද්‍රණය කිරීම. ඒ සඳහා සෞඛ්‍යමය වශයෙන් හිතකර තීන්ත භාවිතා කිරීම,VI මධ්‍යම පරිසර අධිකාරිය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය හා වෙනත් ආයතන යොදාගනිමින් මෙම සමාගම් මෙන්ම වෙළෙඳපොළ නියාමණය අඛණ්ඩව සිදු කිරීම හා අවශ්‍ය නම් වැටලීම්වල දී පොලිසියේ සහාය ලබා ගැනීම,VII දැනට මේ සම්බන්ධව පවතින පරිසර පනත ඇතුළු අණපනත් මගින් යෝජනා කර ඇති දඩමුදල් හා දඩුවම් වැඩිකරමි න් සංශෝධනය කිරීමයන කරුණු සම්බන්ධයෙන් රජය විසින් මේ රටේ පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීමේ වැඩ පිළීවෙළට සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා එම සමාගම්වල නියෝජතයින්ගෙන් ඉල්ලීමක් කළේය.