පරිසර විනාශයක් සිදු කළ පුද්ගලයින්ට නීතිය තදින් ....?

srilanka nature anil jasingha
By Nimal Jul 01, 2021 04:00 AM GMT
Report

ලොග්ගල්ලා ඔය අවට විශාල පරිසර විනාශයක් සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

පසුගිය කාලය තුළ ලොග්ගල්ලා ඔය අවට සිදු කර තිබෙන විශාල පරිසර හානිය සම්බන්ධව ජනමාධ්‍ය විසින් කරුණු හෙළිදරව් කළේය. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් තමන් මධ්‍යම පරිසර අධිකාරිය, මහවැලි අධීකාරිය, හා ග්‍රාම නිලධාරින් යොදවා ඒ සම්බන්ධව කරුණු සොයා බැලු බවත්, ඒ අනුව ලොග්ගල්ලා ඔය අවට කැළෑ හෙළිපෙහෙළි කර විශාල පරිසර හානියක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය කර ගත් බවත් පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව ලොග්ගල්ලා ඔය පරිසර හානියට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන් බව ද ලේකම්වරයා සඳහන් කළේය. කෙසේ වුවද මෙම ප්‍ර දේශයයට අයත් ඉඩම් මහවැලි ඉඩම් වුවත් සිදුව ඇති පරිසර හානිය සැළකිල්ලට ගනිමින් තමන් මේ සම්බන්ධව වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට ට කරුණු දන්වා ලිපියක් යොමු කළ බවත් මෙම පරිසර විනාශය සම්බන්ධව කරුණු හෙළිදරව් කළ මාධ්‍යයට තම කෘතඥතාව පළ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව ලොග්ගල්ලා ඔය පරිසර හානිය සිදු කළ පුද්ගලයින්ට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නඩු පැවරීමේ කටයුතු වහා ආරම්භ කරන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

ඊයේ පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය.