විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් අද සිට ...

health lanka nimalsiripala sril
By Nimal Jul 28, 2021 10:25 AM GMT
Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූ විදෙස් රැකියා අපේක්ෂිත ඊට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරනු ලැබූ බස්නාහිර පළාතේ ශ්‍රමිකයන්ට ආරම්භක දිනයේදීම එන්නත් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම අදහස් පළකලේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත් ලබාදීම අද (28) නාරහෙන්පිට යුද හමුදා රෝහලේ දී ආරම්භ කෙරුණ අවස්ථාවේදීය.විදෙස්ගත වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එන්නත්  අද සිට ... | Srilanka Health

විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යන රටවල් රැසක්ම  පිළිගනු ලබන්නේ ෆයිසර් එන්නත බැවින් එම එන්නත මෙම විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදීම සඳහා පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්  සමග  පැවති සාකච්ඡාවක දී එකඟතාවය පළ කෙරිණ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ පූර්ණ සහයෝගය ඇතිව අද දින යුද හමුදා රෝහලේ දී මෙම එන්නත් ලබාදීමේ කටයුතු ආරම්භ කෙරිණ.

අද  දින එම ශ්‍රමිකයන් 1200කට පමණ එන්නත ලබා දෙන අතර අද සිට දිගටම මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. විදේශ රැකියා සඳහා රැකියා  බලපත්‍ර  ලැබූ  සහ ඊට අදාළ අවසරයන් ලැබූ පුද්ගලයන්ට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  වෙබ් අඩවියේ ලියාපදිංචිවීමෙන් මෙම එන්නත  ලබා ගත හැක. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම එන්නත් ලබා ගැනීමට ඔවුන්ට ලියාපදිංචි විය හැක.

අද මෙම එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණයට කම්කර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ  සභාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා  යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය බ්‍රිගේඩියර් චන්දික අත්තනායක මහතා ද ජූඩ් ප්‍රනාන්දු මහතාද   එක්වූහ .

මෙම එන්නත් ලබාදීමේ කටයුතු  ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සිදු කෙරෙන අතර ඒ අනුව විදේශ රැකියා සඳහා යාමට නියමිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8000කට පමණ එම එන්නත ලබාදීමට ලබාදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.