වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සේවාවන් හි 866 කට පත්වීම් ලිපි ...

srilanka health paviththe vanniyarachchi
By Nimal Jul 15, 2021 07:11 AM GMT
Report

 කොවිඩ් හමුවේ ඇති වූ සියළු අමාරුකම් පරදා මේ වසර අවසානය වන විට රට නැවත ගොඩනැගීමට රජය උත්සාහ දරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වෛද්‍ය කර්මය සදහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ උපාධිධාරි අභ්‍යාසලාභීන් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට බඳවා ගැනීම හා අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සදහා නව පත්වීම් ලිපි ප්‍රදානය අද දින (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සේවාවන් හි 866 කට පත්වීම් ලිපි ... | Srilanka Health

ඒ අනුව 2015 ජුනි මස ගැසට් නිවේදනය අනුව පුහුණුවට බඳවා ගත් පවුල් සේවා අභ්‍යාසලාභීන් 756 අතුරින් පළමු සමත් කණ්ඩායමේ පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 716 දෙනෙකු සදහා සහ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ පාඨමාලාවට සුදුසුකම් ලත් උපාධිධාරී අභ්‍යාසලාභීන් 150 දෙනෙකු පුහුණුවට බඳවා ගැනීම සදහා ද අද පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “මෙරට ශක්තිමත් පවුල් සෞඛ්‍ය සේවාවක් තිබෙනවා. එම සේවාව ජනතාව අතරට ගොස් සිදු කළ යුතුයි. රටේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට මෙම සේවාවන් ඉවහල් වෙනවා. සියළු ජනතාව කෙරෙහි මානව දයාවෙන්, සෙනෙහසින්, ආදරයෙන් ඔබගේ සේවාවන් සැපයිය යුතුයි. රට වෙනුවෙන් උපරිමයෙන් සේවය කරන්න. වෘත්තීය ගැටළු ඇති නොවන අයුරින් වැඩ කරන්න. මිනිසුන් සමග වැඩ කරන්න ඉගෙන ගන්න. කොවිඩ් වසංගතය හමුවේ වෛද්‍ය රසායනාගාර සේවාවට විශාල වැඩකොටසක්, කාර්යභාරයක් තිබෙනවා”.

 “අපිට වැටුප් ගෙවන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. මේ රටේ සෑම දෙනාම වැටුපට දායක වෙනවා. ඉගැන්වීමට දායක වෙනවා. දැන් රටේ ආදායමට සමානයි වැටුප්වලට යන වියදම. එයිනුත් වැඩිම මුදලක් සෞඛ්‍ය සේවාවට. රටේ ආදායම් නැතිවෙලා තිබෙන්නේ. අපි බලන්නේ කොවිඩ් නිසා ඇති වූ එම සියළු අමාරුකම් පරදා මේ වසර අවසානය වන විට මේ රට නැවත ගොඩගන්න.” මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, පත්වීම්ලාභීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.