අවධානමට ලක්වූ වැඩිහිටියන් ආරක්ෂා කිරීම රජයේ අරමුණයි....

srilanka health udarshane prenandupulle
By Nimal Jul 02, 2021 07:32 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ් 19 වෛරසයේ වැඩිම අවදානමට ලක්වී දැඩි බලපෑමක් එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය එම වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම සදහා එන්නත්කරණයේ ප්‍රමුඛතාවය වැඩිහිටි ජනගහනය වෙත ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටි නිවාසවල නේවාසිකව සිටින වැඩිහිටියන්ගෙන් 72%ක් මේවන විට එන්නත්කර අවසන් බව සදහන් කල පැවසුවාය. නමුත් එම 72%ක්ව සිට වැඩි හිටියන්ප්‍රමාණය කඩිනමින් 100%ක් සිදුකිරීමේ ඉලක්කය දක්වා ගමන් කරන බව වැඩිදුරටත් සදහන් කළාය.

අමාත්‍යවරිය මේබව සදහන් කලේ වැඩිහිටි මහලේකම් කාර්යාලය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මේවන විට වැඩිහිටි නිවාස 349ක් පවතින අතර එහි නේවාසික වැඩිහිටියන් 8806ක් සිටී. එම වැඩිහිටියන්ගෙන් 6360ක් මේවන විට (එක් මාත්‍රාවක් හෝ) එන්නත්කර ඇති අතර තවත් 2446ක් එන්නත් කිරීමට නියමිතව ඇත.

මෙම නිවාසවල 3000ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරන අතර ඔවුන්ද එන්නත් කිරීම සැලසුම වී ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි තෝරාගත් රජයේ රෝහල් සහ ස්ථානවල වයස 60ට වැඩි වැඩිහිටියන් එන්නත් කිරීම මේවන විටත් සිදුවන අතර කොවිඩ් ආසාදනයෙන් මියයන පිරිස අතර වැඩිම පිරිස 60ට වැඩි පිරිස වන බැවින් කොවිඩ් රෝගයෙන් මියයන වැඩිහිටියන්ගේ මරණ අවම කිරීම මෙහි මූලික අරමුණ වී ඇත.

මෙම සාකච්ඡාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සමාජසේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ.ජී ලැනරෝල් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.