කොවිඩ් ආසාදිතව එකම පවුලේ තිදෙනෙකු මිය යාම පිළිබද විශේෂ පරීක්ෂණයක් ....

srilanka health paviththa wanniyachchi
By Nimal Jun 28, 2021 12:18 PM GMT
Nimal

Nimal

Report

 පේරාදෙණය යටිනුවර මැතිවරණ කොට්ඨාසයේ ඉලුක්තැන්න, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිට එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වීමේ පුවත පිළිබද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ විශේෂ අවධානය යොමුව ඇත.

ඒ අනුව ඉහත සිදුවීම පිළිබද කඩිනමින් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවාසනාවන්ත සිදුවීම සෞඛ්‍ය අංශයේ අවධානය යොමු විය යුතු විශේෂ සිදුවීමක් බව ද පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙවැනි තත්ත්වයන් වැළැක්වීමට ගත යුතු පියවර අධ්‍යයනය කර ඉදිරියේ දී එවැනි මරණ සිදුවීම වැළැක්වීමට කඩිනම් පියවර ගත යුතු බව ද පෙන්වා දෙන ලදි.

ඒ අනුව එම සිදුවීමට අදාල මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් වාර්තා ලබාගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ වනවිට කටයුතු කර ඇත.

එම පවුලේ පියා වන සිරිපාල රාජපක්ෂ (71) මහතා ජුනි මස 02 දිනත්, මව වන චන්ද්‍රා රාජපක්ෂ (68) ජුනි 17 දිනත්, පුතු වන ධම්මික රාජපක්ෂ (39) ජුනි 23 දිනත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුනි.