රෝගී සත්කාර සදහා ට්‍රොලි 10ක් රෝහලකට පරිත්‍යාගයක් ....

srilanka health sudarsane pranandupulle
By Nimal Jun 28, 2021 11:05 AM GMT
Nimal

Nimal

Report

 මීගමුව රෝහල වෙත පැමිණෙන අසාධ්‍ය රෝගීන්, ගර්භණී මව්වරුන්, ආබාධ සහිත රෝගීන් සදහා අවශ්‍ය රෝගී සත්කාර කිරීමට අත්‍යාවශ්‍යව තිබූ ට්‍රොලි (Patient Trolley) 10ක් බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති නන්දන මෙන්ඩිස් මහතා විසින් මීගමුව රෝහල වෙත පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන්   සිදු කරනලදි.රෝගී සත්කාර සදහා ට්‍රොලි 10ක්  රෝහලකට පරිත්‍යාගයක් .... | Srilanka Health

රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මෙම ට්‍රොලි 10 මළකඩ නොකන වානේ (Stainless Steel) වලින් දිගුකාලයක් භාවිතා කිරීමට හැකිවන පරිදි නිමවා ඇත. හදිසි අවස්ථාවකදී රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට කුඩා ඔක්සිජන් ටැංකියක් රදවා තැබිය හැකි ආකාරයෙන්ද මෙය නිමවා ඇත.රෝගී සත්කාර සදහා ට්‍රොලි 10ක්  රෝහලකට පරිත්‍යාගයක් .... | Srilanka Health

ඉන් අනතුරුව අමාත්‍යවරිය විසින් මීගමුව රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ආකාරය නිරීක්ෂණයට එක්වූ අතර පැය 24 පුරා ක්‍රියාත්මක කෙරෙන CCTV පද්ධතියක් මගින් රෝගීන් නිරීක්ෂණය කෙරෙන ආකාරය පිළිබදව අමාත්‍යවරියගේ පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක, වෛද්‍ය විජේලත් යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්විය.