කොවිඩ් ප්‍රතිකාර කිරීමේදී රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ගැනත් සිතිය යුතුයි...
කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා යක්කල වැරැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සෞඛ්‍ය මෙහෙයුම් කටයුතු සිදුකිරීමට නියමිත ආකාරය පිළිබදව විමසා බැලීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටයුතු කළාය.
එහි නිරීක්ෂණයට එක්වෙමින් රෝගීන් ඇතුලත් කිරීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙහෙයුම් කටයුතු ආදිය පිළිබද අවධානය යොමු කළ අමාත්‍යවරිය, මූලික අදියරේ කාන්තා කොවිඩ් ආසාදිතයින් ඇතුළත් කිරීමට නියමිත ඒකකය නිරීක්ෂණය කරමින් සදහන් කර සිටියේ කාන්තාවන් යනු සැමවිටම පවුලේ සෙසු අය පිළිබදව දැඩි බැදීමකින් සහ අවධානයකින් පසුවන පිරිසක් වන අතර දින කිහිපයක් එක්තැනක ඔවුන්ට පවුලෙන් ඈත්ව සිටීමට සිදුවන බැවින් ප්‍රතිකාර කටයුතු සේම ඔවුන්ගේ මානසික තත්වයද යහපත් අයුරින් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය කාරණාවක් වන බවයි.
රෝග ලක්ෂණ රහිත කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කිරීමේදී ඔවුන්ගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අමාත්‍යවරිය ඒ සදහා අවශ්‍යවන පරිසරය සැකසීමට තමන්ටද සහාය වියහැකි බව පෙන්වාදුන් අමාත්‍යවරිය රෝගීන් වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍ර සහ කැරම් බෝඩ් ලබාදීමට හැකි බව මෙහිදී සදහන් කරන ලදි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට මෙහි පහසුකම් සලසා තිබුණද හදිසි අවස්ථාවන්ට මුහුණදීම සදහා විශේෂ ඔක්සිජන් තෙරපි ඒ්කකයක් සකස් කිරීමේ කටයුතුද ආරම්භකර ඇති අතර එම ඒකකයද අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය.
You may like this video
යක්කල පොලිටෙක්ස් කර්මාන්ත ශාලාවේ පවත්වා ගෙන යනු ලබන වැරැල්ලවත්ත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය දෙදහසකට ප්‍රතිකාර ලැබිය හැකි මට්ටමේ මධ්‍යස්ථානයක් වන අතර බස්නාහිර පළාත් සභාවෙන් රුපියල් මිලියන 23කට අධික ප්‍රතිපාදන ඒ සදහා වෙන්කර සකස් කර ඇත. මෙහි මළ අපවහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුතින් සකස් කර ඇති අතර සියලු අළුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදුකරන ලදි.ඒ සදහා නාවික හමුදාවේ සහයෝගය ලබාගැනීමට අමාත්‍යවරිය පුද්ගලිකව මැදිහත්වූවාය.
මෙහි කටයුතු කඩිනම් කිරීමට කැපවූ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට, එහි ප්‍රධාන ලේකම්තුමියට, නාවික හමුදාපතිතුමාට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ සහායදුන් සැමට සිය ස්තුතිය පුදකල අමාත්‍යවරිය අදියර දෙකෙහි කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය සහයෝගයක් වෙතොත් දන්වන ලෙස ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය අරුණ පාලිත සම්පත්, වෛද්‍ය නිලධාරී සැලසුම් වෛද්‍ය රවී සිල්වා, කායික රෝග විශේෂඥ වෛද්‍ය කරුණා ඒකනායක, වැරැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බෙඩ් මැනේජර් වෛද්‍ය ලලීන්ද්‍ර කුරුප්පු යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.