කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ...(PHOTO)

srilanka health sudarsane prenandupulle
By Nimal Jun 03, 2021 08:29 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කිරීම සදහා රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමට අමතරව පුද්ගලික ධන පරිත්‍යාග ලබාදෙන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව සහ එංගලන්තයේ Medical Aid Sri Lanka සංවිධානය එක්ව කොවිඩ් ප්‍රතිකාර කටයුතු කෙරෙන ශ්‍රී ලංකාවේ රෝහල් 12කට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (03) සෞඛ්‍ය අමාත්‍යංශයේ බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේදී සිදුවිය.කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ...(PHOTO) | Srilanka Health

හලාවත මහ රෝහල, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය, යාපනය ශික්ෂණ රෝහල, කයිට්ස් රෝහල, මුලතිව් දිස්ත්‍රික් මහ රෝහල, දඹදෙණිය මූලික රෝහල, නාරම්මල ප්‍රාදේශීය රෝහල, ශාරිපුත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය, මීරිගම මූලික රෝහල, මතුගම දිස්ත්‍රික් රෝහල, බිබිල මූලික රෝහල, කන්තලේ මූලික රෝහල යන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන සදහා රුපියල් මිලියන 08කට වැඩි වෛද්‍ය උපකරණ පරිත්‍යාග කළ අතර ඒ සදහා ICU Beds, Patient Monitors, Infusion pumps, Nebulizer masks, Pulse Oxymeters, Medical Oxygen Regulators, C Pac Machines ඇතුළු වෛද්‍ය උපකරණ ඇතුළත්විය.කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ...(PHOTO) | Srilanka Health

මෙම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොවිඩ් වසංගතය හමුවේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා රෝගීන් විශාල වශයෙන් එක්වෙමින් තිබෙන මොහොතක රෝහල් පද්ධතියටද විශාල වශයෙන් වෛද්‍ය උපකරණ අවශ්‍යවෙමින් තිබෙන බවයි.කොවිඩ් රෝහල් 12කට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ...(PHOTO) | Srilanka Health

ඒ සදහා රජය මැදිහත්වීම මෙන්ම පුද්ගලික ධන පරිත්‍යාග ඉතා වැදගත්වන බැවින් කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමත් එංගලන්ත මෙඩිකල් ඒඩ් ශ්‍රී ලංකා සංවිධානයත් එක්ව රටේ දුෂ්කර පළාත්වල රෝහල් සදහා අවශ්‍ය උපකරණ රාශියක් එම රෝහල්වල ඉල්ලීම අනුව ලබාදීමට කටයුතු කර තිබෙන අතර ඒ සදහා මැදිහත්වූ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මහතා ඇතුළු සියලු දෙනාට රජය පාර්ශවයෙන් තමන් ස්තුතිවන්ත වන බවයි.

පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ එම මොහොතේම අදාල රෝහල් වෙත ලබාදීමට කටයුතු කළ අතර ඒ සදහා මුලතිව් රෝහල වෙනුවෙන් වෛද්‍ය එව්.වන්නිආරච්චි මහත්මිය, යාපනය රෝහල වෙනුවෙන් වෛද්‍ය ශිවශංකර් මහතා, කන්තලේ රෝහල වෙනුවෙන් වෛද්‍ය ශාලිකා රූපසිංහ මහත්මිය, මීරිගම රෝහල වෙනුවෙන් වෛද්‍ය අධිකාරී වෛද්‍ය කේ.බී.සමරකෝන් මහතා, හලාවත රෝහල වෙනුවෙන් ඖෂධවේදී ඊ.එම්.පී.ඒකනායක මහත්මිය, ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙනුවෙන් වෛද්‍ය දිමුත් පොන්වීර මහතා ඇතුලු පිරිස එක්වූහ.

පරිත්‍යාග කටයුතු සදහා කොළඹ 75 වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ සභාපති මහාචාර්ය හරින්ද ද සිල්වා මහතා, එහි ලේකම් විශේෂඥ වෛද්‍ය ඩී.ඩී වීරසේකර මහත්මිය, එහි භාණ්ඩාගාරික විශේෂඥ වෛද්‍ය කල්යානි ගුරුගේ මහත්මිය, එහි කමිටු සාමාජික වෛද්‍ය ආනන්ද රණතුංග මහතා, බයෝ මෙඩිකල් ඉංජිනියරින් ඒකකයේ අධ්‍යක්ෂ ජනප්‍රිය කරුණාතිලක මහතා ඇතුලු පිරිසක් සහභාගිවුහ.