රාජ්‍ය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

By Wasantha Jul 31, 2021 05:01 AM GMT
Report

සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව අගෝස්තු මස 02 වන දින සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවා තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරිට ඒ බව දැනුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත්කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා එහිදී දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now