ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් කටයුතු කරයි....

srilanka foreign dinesgunawardana
By Nimal Jul 16, 2021 06:45 AM GMT
Nimal

Nimal

Report

. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද ,මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්‍රියාකාරිකයන් සමග ඉකුත් 13 වනදා විදේශ අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාවකදී ‍විදේශ ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සාකච්ජාවට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිකයන් එකලොස් දෙනෙකු පමණ සම්බන්ධ වී සිටියහ. "ත්‍රස්තවාදය වැලක්වීමේ පනත සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ විවිධ වැරදි මත ප්‍රචාරය කරනවා.ඇත්තටම අපි රජයක් විදියට මේ පනතේ යම් යම් වගන්ති වෙනස් කරන්න අවධානය යොමු කරල ඒ පිළිබදව සොයා බලා කරුණු ඉදිරිපත් කරන්න අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරල තියෙනවා.

ඒ අයට උදව් වෙන්න තව නිලධාරින් ගේ කමිටුවකුත් පත් කරල තියෙනවා.අපි මේ හැම දෙයක්ම විවෘතව විනිවිදභාවයෙන් යුතුව කර ගෙන යනවා.සංහිදියාව පිළිබදවත් එහෙමයි.අපේ රජය ජාතීන් අතර සංහිදියාව පවත්වා ගෙන යන්න සමානාත්මතාව රැක ගන්න කටයුතු කරල තියෙනවා.ඒවා ගේ අඩුපාඩු තිබෙනවා නම් ඒවාගැන සොයා බලලා අවශ්‍ය පියවර ගන්න අපි රජයක් විදියට බැදී ඉන්නවා" යැයි මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කිවේය.

මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා මෙන්ම කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවේදී සක්‍රිය දායකත්වයක් දැක්වුහ.පූජ්‍ය කළුපහන පියරතන හිමි, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය සරවනමුත්තු, පැපරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි,මෙතෝදිස් පල්ලියේ බිෂොප් ආසිරි පෙරේරා, ජාතික සාම මණ්ඩලයේ ජෝ විලියම්, ශ්‍රි ලංකා මුස්ලිම් සංවිධායේ හිල්මි අහමඩ්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිනයක වන ආචාර්ය දයානි පනාගොඩ ඇතුළු සාකච්ඡාවට සම්බන්ධ වූ පිරිස ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් ඇතුළු සංහිදියා වැඩ පිලිවෙලට අදාල කරුණු රැසක් පිළිබදව දිර්ගව හා විවෘතව සාකච්ඡා කළහ. විදේශ අමාත්‍යංශයේ ඉහළ පෙල නිළධාරින් පිරිසක්ද මෙම සාකච්ඡාවට සම්බන්ධ වී සිටියහ.

ReeCha