සංචරණ කාලයේ මත්පැන් අලෙවි කලොත් දැඩි දඩුවම් ....
කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා දැනට දිවයින පුරා සංචරණ සීමා මේ මස 07 වන දින දක්වා පනවා ඇති බැවින් සංචරණ සිමා ඉවත් වන තෙක් සියළුම සුරාසැල් වසා තැබිමට සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ.ගුණසිරි මහතා නියෝග කොට ඇත.
ආදලා කාල සීමාව තුළ බලපත්‍රලාභීන් බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් අලෙවි කළහොත්, අදාල සිද්ධීන් පිළිබදව ලැබුණු පැමිණිලි ලැබුණ හොත් තරා තිරම නොබලා බලපත්‍රය අහෝසි කිරිමට,සුරාසැල් මුද්‍ර තැබීමට (සීල් තැබීමට ) හෝ දැඩි දඩුවම් පැමිණි වීමට සුරාබදු දෙපාර්තුමේන්තුව අකමැත්තෙන් වුවත් පියවර ගන්නා බව බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.
සංචරණ සීමා පැනවුවද දිවයින පුරා සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බැවින් බලපත්‍ර ලාභීන් ට අමතරව නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදු වුවහොත් ඹවුන්ට විරුද්ධවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බැවින් ,කුමන හෝ තැනක මත්පැන් ජාවාමරක් සිදු වන්නේ නම් පැය විසිහතර පුරාම ක්‍රියාමත්මක සුරාබදු දෙපාර්තුමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ 1913 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසත්, තොරතුරු ලබාදෙන අයගේ රහස්‍ය භාවය රකින බවත් කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.