විභාග සමයේ විදුලි කප්පාදුව ගැන බලධාරීන්ගේ තීරණය
Power cut Sri Lanka
Sri Lanka
By Sithumi
උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල රාත්‍රී 07 න් පසුව සහ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදුව සිදුනොකරනු ඇතැයි බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
අදාළ කාලසීමාවන් තුළ විදුලිය කප්පාදුව සිදු නොකරන ලෙස තමන් අද පස්වරුවේද ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලිඛිතව ඉල්ලීමක් සිදුකළ බවයි අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක පැවසුවේ.
කෙසේවෙතත් විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට දැනුම් දී ඇති බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.