වල් අලි පහර දීමෙන් අවාසනාවන්ත ලෙස අඹු සැමියන් මිය යයි
සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී වල් අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අඹුසැමි යුවළක් වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද(24) අළුයම මියගොස් ඇතැයි තිබෙනවා.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසන්නේ ඊයේ (23) මධ්‍යම රාත්‍රි දොලහට පමණ කැබිතිගොල්ලෑව,සියඹලාගස්වැව ප්‍රදේශයේදී මෙම වල් අලි පහරදිම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ සියඹලාගස්වැව,තිත්තගෝණෑව ලිපිනයේ පදිංචි තෙට්ටුවාගේ තෙන්නකොන්(58) සහ ලේන්සුවාගේ නන්දාවති (58) යන දරුවන් දෙදෙනෙකු හිමි අඹුසැමි යුවළක් බවයි.
මියගිය යුවළගේ නිවස පිටුපසට මීටර් සීයක් පමණ දුරින් පිහිටා තිබූ කුඹුරක අඩි 12 ක් පමණ උසට කණු සිටුවා සකසා තිබූ පැලක මොවුන් පැල් රකිමින් සිට තිබෙනවා. එහිදී මධ්‍යම රාත්‍රී 12ට පමණ එකවර ම තනි අලියෙකු මෙම පැලට කඩා වැදී ඇති අතර අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළ ද සමඟ පැල සම්පූර්ණයෙන් බිමට කඩා වැටී ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය පවසනවා.
පසුව ඥාතීන් විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වාගෙන කැබිතිගොල්ලෑව රෝහලට තුවාලකරුවන් රැගෙන ගොස් තිබිණු නමුත් තත්වය බරපතල නිසා ඔවුන් පසුව වව්නියාව මහ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබුනද පොලීසිය පවසන්නේ එහිදී (24) අලුයම දෙකට පමණ ඔවුන් මියගොස් තිබෙනවා.
වල් අලියාගේ පහරදීමෙන් අඹුසැමි යුවළගේ පපුවෙන් පහල කොටස්වලට බරපතල හානි සිදුවී ඇති
සිරුරු සම්බන්ධයෙන් ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි අතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමිල රත්නායක, මහතාගේ උපදෙස් මත සැරයන් (35961) රත්නසූරිය ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකයි.