නොනවත්වා පහර දෙන ඉරානය - බහරේනයේ ජුෆෙයාර් ඇමරිකානු හමුදා කඳවුරට පහර දෙයි
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් බහරේනයේ ජුෆෙයාර් (Juffair) ප්‍රදේශයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.
එමෙන්ම මෙම ප්‍රහාරය සඳහා ඝන සහ ද්‍රව ඉන්ධන බලගන්වන ලද මිසයිල භාවිත කළ බව IRGC නිවේදනය කළ බවත් වාර්තා වේ.
මෙය ඉරානයේ කෙෂ්ම් (Qeshm) දූපතේ පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයකට ඇමරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකට ප්‍රතිචාරයක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරගාචි ප්‍රකාශ කර ඇත.
ඇමරිකානු ප්‍රහාරය හේතුවෙන් එම දූපතේ ගම්මාන 30 ක ජල සැපයුම බාධාවට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ප්‍රහාරයත් සමඟ බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ට්විටර් (X) ඔස්සේ නිවේදනය කර ඇත්තේ, ප්‍රදේශයේ ගුවන් අනතුරු ඇඟවීමේ සයිරන් නාද වෙමින් පවතින බවයි.