බිත්තර අලෙවිය පාලන මිල ඉක්මවයි..?

By Sithumi Jan 21, 2023 05:59 PM GMT
Sithumi

Sithumi

Report

 බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරුණද රුපියල් 50ට වැඩි විවිධ මිල ගණන් යටතේ අද දිනයේද බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කර තිබෙනවා.  

පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නව ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කළ අතර වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙදුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.  

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවකදී බස්නාහිර පළාත් බිත්තර නිෂ්පාදිකයන්ගේ සංගමයේ සභාපති නිලේෂ රූපසිංහ පැවසුවේ පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බවයි.  

එම සංගමයේ ලේකම් ධම්මික සම්පත් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි කළ නොහැකි බවයි එමෙන්ම නිෂ්පාදන වියදම අඩු කර ජනතාවට අඩු මිලට බිත්තර ලබා දීමට සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත් කරන්නැයි සමස්තලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර රජයෙන් ඉල්ලීමක් කළා

ReeCha