ශ්‍රි ලංකා ඉන්වෙස්ට් පෝරම් 2021 - රටවල් රැසක සහභාගීත්වයක්....
ආසියාවේ මාර්ග ගත ක්‍රමය යටතේ පැවැත්වන විශාලතම ආයෝජන සමුළුව ශ්‍රි ලංකා ඉන්වෙස්ට් පෝරම් 2021 බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.
මෙවැනි සමුළුවක් තුළින් මෙරට ආයෝජන කේෂ්ත්‍රයේ කෙටි කාලින හා දීගුකාලීන ආර්ථික ජයග්‍රහනයන් අත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. ශ්‍රි ලංකා ඉන්වෙස්ට් පෝරම් 2021 ආයෝජන සමුළුව මෙම මස 7දා ආරම්භ කළ අතර හෙට (9) දක්වා සම්පූර්ණ මාර්ගගත( On Line) ක්‍රමය යටතේ අති සාර්ථකව පැවැත්වේ.
අද (08) දහවල් වන විට මෙම සමුළුවේ සම්පූර්ණ කාලයෙන් අඩක් ගතවන විටත් රටවල් 80 කට අධික සහභාගිත්වයක් ලබා දී ඇත.
විවිධ කේෂ්ත්‍රයන්ට අයත් ආයෝජකයින් 1883 කට වැඩි පිරිසකගේ අවධානය ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සදහා යොමු වී ඇත. අමතර සහභාගි වන්නන් 2784ක් සමුළුවට එක් වූ බවද වාර්තා වේ. සැසිවාර 118 ක් තුළ කථිකයන් 108 දෙනෙකු සමුළුව අමතා ඇති බවද සංජය මොහොට්ටාල මහතා වැඩි දුරටත් පැවසුවේය.