ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක් වෙයි...ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට...

Cricket Sri Lanka Cricket
By Aruna Sep 18, 2024 07:25 AM GMT
Aruna

Aruna

Report

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

එම තරගයේදී පන්දුවට පහර දෙමින් සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇඟිල්ලේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු ආබාධයට ලක් වී තරගයෙන් ඉවත් වී තිබේ.

ශ්‍රී ලංකාව මේවන විට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන අතර, නවසීලන්තය රැඳී සිටින්නේ එහි තෙවැනි ස්ථානය ය.

ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ බලාපොරොත්තු තබා ගැනීමට නම් දෙපිලටම මෙම තරග දෙකේ ජය තීරණාත්මක වේ.

ගාල්ලේදී දඟ පන්දුවේ වාසිය ගැනීමේ අරමුණින් ප්‍රභාත් ජයසූරියට අමතර රමේෂ් මෙන්ඩිස් ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන අතර, ඒ අනුව එංගලන්තයේදී දස්කම් පෑ මිලාන් රත්නායකට සිය ස්ථානය අහිමිව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක්ම සිදුකර තිබෙන අතර, ඒ අනුව දිනේෂ් චන්දිමාල් අංක තුන් ස්ථානයෙත්, කමිඳු මෙන්ඩිස් අංක පහ ස්ථානයේත් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

කඩුලු රැකීමේ වගකීම දරණ කුසල් මෙන්ඩිස්ට හත්වැනි ස්ථානයේ පිතිකරණයේ නිරත වන්නට සිදුවී තිබේ. මේ අතර, මෙම තරගයේ සිව්වැනි දිනය වන එළැඹෙන 21වැනිදා ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හේතුවෙන් එදින විවේකී දිනයක් ලෙස නම් කර තිබීමත් සුවිශේෂී සිදුවීමක් වේ.

ඉන් පසු දිනයේදී ටෙස්ට් තරගය යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, මෙලෙසින් ශ්‍රී ලංකාවේදී විවේකී දිනයක් සහිතව ජගත් ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ ද විසිතුන් වසරකට පසුව වීම විශේෂත්වයකි.