පරිසරය සුරැකීමට රූට්බෝල් ක්‍රමයට ප්‍රතිරෝපණය ....(PHOTO)

srilanka airprost g a chadrasiri
By Nimal Jun 05, 2021 11:47 AM GMT
Nimal

Nimal

Report

  ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම 2021 ලෝක පරිසර දිනය අද දිනයේ ( 5) සමරනු ලැබීය. එහිදී පරිසරය සුරැකීමේ අරමුණෙන් යුතුව ගුවන් තොටුපල සංවර්ධන ක්‍රියාවලිය තුළ ඉන් ඉවත් කිරීමට සිදුවන වටිනා ශාක මීගමුව කලපුව ආශ්‍රිත සමාගමට අයිති පෙදෙසක රූට්බෝල් ක්‍රමයට ඉතා සාර්ථක අයුරින් ප්‍රතිරෝපණය කිරීම සිදු කළහ.පරිසරය සුරැකීමට රූට්බෝල් ක්‍රමයට ප්‍රතිරෝපණය ....(PHOTO) | Srilanka Airprost

අද දින එය සංකේතාත්මකව සනිටුහන් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට අයත් මීගමුව කලපුව ආශ්‍රිත පෙදෙසේ රූට්බෝල් ක්‍රමයට මගුල් කරද ගස් දෙකක් සිටුවීම ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සහාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි, සහ අධ්‍යක්ෂක ව්‍යාපෘති අරුණ වරුෂහෙන්නැදිගේ යන මහත්වරුන්ගේ      සහහාගීත්වයෙන් සිදු   කළහ.පරිසරය සුරැකීමට රූට්බෝල් ක්‍රමයට ප්‍රතිරෝපණය ....(PHOTO) | Srilanka Airprost

තිරසාරභාවය සඳහා වන දැඩි කැපවීමකින් මෙහෙයවන සංවිධානයක් ලෙස, ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම සිය තිරසාර නවෝත්පාදන භාවිතයන් තුළින් මෙන්ම එහි මෙහෙයුම් තුළින් හරිත පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ දී සෑම විටම පෙරමුණ ගෙන සිටී. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සංවර්ධන ව්‍යාපෘතිවලට සමගාමීව,ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ඔක්සිජන් විමෝචනය කරන ශාක කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් විශේෂ ‘ගස් සිටුවීමේ’ වැඩසටහනක් ආරම්භ කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පර්යන්ත 2 ඉදිකිරීම් භූමියේ ශාක 200 ක් මේ වන විටත් සංරක්ෂණය කර ඇති අතර එම පර්යන්ත 2 ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගස් 200 ක් පමණ රූට්බෝල් ක්‍රමයට ප්‍රතිරෝපණය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. තවද, ගුවන්තොටුපල පරිශ්‍රයේ නැවත මීට සමගාමීව ගස් සිටුවීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම කටයුතු කරනු ලබන අතර, එතුළින් පාරිසරික තිරසාරහාවය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.