අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන

education Sri lanka school students
By Sithumi Jun 21, 2021 05:36 PM GMT
Sithumi

Sithumi

Report

 අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දුරස්ථ ක්‍රම මගින් වුවද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබාගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් මෙම පහසුකම ලබාදීමට පියවර ගන්නා බවයි.

මෙම ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථානයක පරිගණක, ලැප්ටොප් පරිගණක සහ ටැප් පරිගණක 10 කින් සමන්විත අතර එම මධ්‍යස්ථාන පෙරවරු හතේ සිට පස්වරු 3 දක්වා විවෘතව පවතින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ. 

මෙම මාධ්‍ය හමුවට ඩිජිටල් තාක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ ද එක් වුණා. එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔන්ලයින් හරහා සිදු කෙරෙන අධ්‍යාපන කටයුතුවලදී සිසුන්ට ඩේටා ගාස්තු අඩුවෙන් සහ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදිය නොහැකි ද යන්නයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha