ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලි දෙකක් ඉල්ලන්න යයි

sri lanka Cricket World cup
By Sithumi Jun 22, 2021 12:29 PM GMT
Report

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් ඇතුළු අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරත්වය සඳහා තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව එහි උසස් නිලධාරියකු පැවසීය. 

 අන්තර්ජාතික ක්‍රිකට් සභාව 2024 සිට 2031 දක්වා කාලය තුළ සංවිධානය කරන ප්‍රධාන තරගාවලි අතරින් එක්දින සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය බැගින් සහ ශූරයන්ගේ කුසලාන තරගාවලියක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බවත් ඇතැම් තරගාවලිවලට ලංසු ඉදිරිපත් කිරීමේදී තවත් රටවල් සමඟ සම්බන්ධ වී ලංසු ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා කීය. 

 එම වසර අට තුළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව පිරිමි සහ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද ඇතුළත්ව ප්‍රධාන තරගාවලි 12 ක් පමණ සංවිධානය කිරීමට නියමිතය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now