ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට විශිෂ්ඨ ජයක්...

Test match Dimuth karunarathne Sri lanka test cricker Captain
By Subodha Mar 17, 2022 04:21 AM GMT
Subodha

Subodha

Report

 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ඉන්දියාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ප්‍රදර්ශණය කළ දක්ෂතා මත දිමුත් කරුණාරත්න මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිට ස්ථාන 3 ක් ඉදිරියට පැමිණීමට මෙලෙස ඔහුට හැකිවිය.

කරුණාරත්නට හිමි ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 781 කි.

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි 5 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.

ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ සිටින්නේ, ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් ය.

ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම ද පිළිවෙලින් 32 වන සහ 45 වන ස්ථාන දක්වා ස්ථාන 5 බැගින් ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now



ReeCha