ලංකාවේ ඇමති කණ්ඩායමක් අත්දැකීම් ගන්න දකුණු අප්‍රිකාවට ගිහින්.

Report

ඇමතිවරු කණ්ඩායමක් අද (21) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඇතුළු නියෝජිත කණ්ඩායමක්.

ඔවුන් එලෙස සංචාරයක යෙදී ඇත්තේ, මෙරට තුළ ස්ථාපිත කිරීමට නියමිත "සත්‍ය සෙවීමේ කොමිසමේ" කටයුතු විධිමත්ව සහ සාර්ථකව කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව දකුණු අප්‍රිකා රජයේ අත්දැකීම් ලබාගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවේ, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් S.E.ස්චල්ක් පසුගිය දිනක අධිකරණ අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ සිය රට තුළ ස්ථාපනය කර ඇති සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳව අත්දැකීම් ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කර තිබුණා.

ගැටුම්කාරී වාතාවරණයන්ගෙන් පසුව ලෝකයේ රටවල් තුළ සාමය හා සංහිඳියාව වැඩි දියුණු කිරීමට පිහිටවනු ලැබූ කොමිෂන් සභා අතරින් සාර්ථක කාර්යභාරයක් ඉටු කළ ආයතනයක් වශයෙන් දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම හැදින්විය හැකි බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්